囧- නමවන වෙඩිල්ල -囧

1.1K 200 30
                                    

'' පැනලා යන්න දෙන්න එපා.. අල්ලගනින් ඕකුන්ව.. '' ඇතුළු සිරකුටි දෙසින් ඇසුණු කෑගැසීමට සියලුම බට සේනා ඉක්මනින් ක්‍රියාත්මක විය .

පෙරමුණේ සිට ප්‍රශ්න කිරීමට රැගෙන ආ මිනීමරු රැඩිකල් සාමාජිකයන් තිදෙනෙකු කෙලෙසක හෝ ආරක්ෂක නිළධාරින් රවටා පිටත අදුරු කොරිඩෝවට පැනගෙන තිබුණි. වදකාගාරය තුළම සතර දෙසින් වෙඩිහඩ නික්මෙද්දී දේවන්ත විමසිලිමත් විය. බටලන්ද වදකාගාරයට පය තැබූ කිසිදු පෙරමුණේ තරුණයෙකු පිටතට නොයා යුතු විය.

අදුරු පිටත කොරිඩෝව ඔස්සේ දිශා දෙකක් ඔස්සේ පලාගිය සැකකරුවන් සොයා යුධ හමුදාව විමසිල්ලෙනි. පිටත ප්‍රධාන විවරයන් වසා දමා ඇති බැවින් ඔවුන්ට පලායාමට ද ඉඩක් නොමැති. අදුරු තෙත් සහිත සීතල සිරකුටිවල බල්ලන් මෙන් ඇද දමා තිබූ තරුණයන් ද මෙකී පලායාම හේතුවෙන් තරමක් කලබල වී සිටියෝ ය.

තමා හා පැමිණි අනෙක් ලුතිනන් කර්නල්වරයා වූ ෂමියෙල් නවරත්න හා පාබල සෙබළුන් කිහිප දෙනා ද සමගින් දේවන්ත අවිය අමාේරාගෙන අදුරු කොරිඩෝව පිරික්සුවේ ය. යුධ හමුදාවේ ද සියලුම නිළධාරින්ගේ මුහුණු කළු රෙදිකඩකින් වැසී තිබුණේ ය. ඒ කිසිදු සිරගත තරුණයෙකු විසින් අනන්‍යතාවය හදුනාගැනීම වැළැක්වීම පිණිස විය. දැනටම පෙරමුණ විසින් රට වෙනුවෙන් යුධ වදින හමුදා සාමාජිකයන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල උදවියද ඝාතනය කරන වග නොරහසකි. ඉදින් එවකට මෙරට තුළ කමොන්ඩෝ රෙජිමේන්තුවක අවශ්‍යතාවයක් ප්‍රබලව දැනෙමින් තිබුණි.

සිය කන් අඩිපුපුරා යන නාදයෙන් එස්.නවරත්න විසින් එල්ල කළ වෙඩිප්‍රහාරය දේවන්ත තිගැස්සුවේ ය. අනෙක් පසින් ද එවෙනිම වෙඩි ප්‍රහාරයක් ඇසුණු අතර දේවන්ත ද චලනයන් ඔස්සේ හිස් අවකාශය දෙසට වෙඩි එල්ල කළේ ය.

'' එකෙක් ඩවුන් වෙස්ට් කෝනර් එකේ.. තව දෙන්නයි. '' ඔවුන්ගේ වෝකී ටෝකී යන්ත්‍ර සිදුවූ දෙය පැහැදිලි කර දුන්නේ ය. කොරිඩෝවම නිශ්ශබ්දතාවයක ගිලී ගියේ ය. ඒ අනුව අනෙක් දෙදෙනා නිසැකවම මේ දෙසට පලා එන්නට ඇත. දේවන්ත හා ෂමියෙල් ඔවුනොවුන් දෙස බලා ඉගි කළේ සද්ද නොනැගෙන පරිදි ඉදිරියට පය තබමිනි. ඔවුන් දෙපසට බෙදී ගමන් කළේ ය. නිසැකවම මෙකී කොරිඩෝව අවසානයේ කෙළවරන්නේ ද සිරකුටියකින් විය. ඉදින් ඔවුන්ට පලායාමට කිසිදු ආකාරයක් නොවී ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now