囧- දොළොස්වන වෙඩිල්ල -囧

1.2K 208 88
                                    

[Read at your own risk . 🙂 ]

කොහිදැයි නිශ්චිතව නොදන්නා පැරණි නිවෙසක මෙවන් හා දිවි ගැලවුණු අනෙක් දෙදෙනෙකු ගෙවන දෙවන දිනයයි. ඔවුන් දරුණූ ඝනයේ පාවාදීමකට මුහුණ පා සිටියේ ය. ලියනාආරච්චි විසින් හමුදා මුරකපොලෙහි ගුවන් විදුලි සේවා ක්‍රියා විරහිත කර හා සියලුම ගිනි අවිවල වූ උණ්ඩයන් ඉවත් කර තිබුණේ , ඔවුන් සියලු දෙනා පහසුවෙන් ජවිපේ අතට හසුකර දෙමිනි. නමුත් , මෙවන්ගේ ඉහළ නිළධාරී යූ. තෙන්නකෝන් විසින් එසැණින්ම ලියනාරච්චි වෙත වෙඩි තැබුවෝ ය.

දෙදිනක් ආහාර හෝ ජලය නොමැතිව සිරව සිටීමෙන් සියලු දෙනාගේ ධෙර්යය ක්ෂීණව ගොසින් තිබුණි. ඔවුන් හා රාජකාරියේ නියුතු බොහෝ සෙබළුන් සිය ගිනි අවිවල බොල් ස්වභාවය හේතුවෙන් ඔවුන්ගේ දෑස් ඉදිරියේම මරු වැළදගත් හ. රජයෙන් ඔවුන්ට මුදාගැනීමක් අපේක්ෂා කළ නොහැකි විය. තම තමාගේ ඉරණම ගැන සිතීමේදී පවා රෝම හැකිළෙන පරිසරයක් වූ අතර දැඩි නිහඩතාවය ද විශාල කුණාටුවක මූලාරම්භය විය. ඔවුන් අල්ලා ගන්න අවස්ථාවේ දී එල්ල වූ යකඩ පොලු පහරවල්වල තැලුම් පහරවල් තවමත් යටි ඇදුම් පමණක් ඉතිරිව තිබූ සිරුරෙහි පලින් පලම විය.

ඔවුන්ගේ දෑත් බැද තිබුනේ මළ කෑ කටු කම්බි ආධාරයෙනි. දින දෙකක් ජීවත්ව සිටීම ද ඔවුන්ට පැටළිලි සහගත වූයේ පෙරමුණේ ස්වභාවය දුටු තැන කෲර ලෙස මරාදැමීම වූ බැවිනි.

'' මං හිතන විදියට එයාලා අපි වෙනුවට වෙන මොනවාහරි ඉල්ලනවා.. සමහර විට එයාලාගේ හිරකරගෙන ඉන්න කෙනෙක් වෙන්නැති.. '' තෙන්නකෝන් විසින් පැවසුවේ අදුරු කාමරයෙහි නිහඩතාවය බිද හෙළමිනි. ඔවුන් සියලු දෙනා අධික පහරකෑමෙන් හෙම්බත්ව හා ක්ලාන්තව බිම වැතිර සිටියෝ ය. හුස්මක් ගත නොහැකි තරම් පැරණි නිවසෙහි දූවිලි අංශු ඔවුන්ගේ නහය කාවදිමින් යනු මෙවන්ට දැනෙයි. ගෙලෙහි වූ ඩෝග් ටැග් එකත් , යටිකයෙහි වූ යට ඇදුමත් හැර ඔවුන්ගේ සිරුර පුරාම වූයේ දරුණු ගණයේ පහරදීම් විය.

දේවන්ත පැවසූ සෙල්ලම් පිටියක් නොවන යුධ පිටියෙහි අරුත දැන් මෙවන්ගේ දෑස් ඉදිරියේ ය. සිය උරහිසින් දැනෙනා තදබල වේදනාව දකුණු හස්තය මුළුමනින්ම පාහේ අඩපණ කර තිබුණි.  සිරුර පුරාවට තැනින් තැන වූයේ දරුණූ ගණයේ තැලුම් තුවාල වූ අතර හෙම්බත් වූ සිය දෑස් තම සිරුරට වූ විනාසය සොයමින් ඒ මේ අත සැරුවේ ය. ඇදුම් කන සිරුරෙහි වේදනාව මෙතැකැයි කියා නිම නොකළ හැකි තරම් විය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now