⚞⚜ Third Chapter ⚜⚟

457 103 12
                                    

ජින්සු පහුවදා උදේම උදේ කෑමත් හොටෙල් එකෙන් අරගෙන එයාගේ බඩුත් අරගෙන ටැක්සි එකකින් ආවේ එයා ගත්ත රූම් එකට...උදේමම වගේ  ඇවිල්ලා ජින්සු රූම් එක එයාට ඕන විදියට ලස්සනට හදා ගත්තා...එයා ගෙනාපු බඩු ඔක්කොම පිළිවෙලකට අස් කරලා රූම් එක ලස්සනට හදා ගත්තා...

කන්න බොන්න ජාති දාන්න පොඩි ෆ්‍රිජ් එකක් එතකොට සොෆා සැටියක් කිචන් එකට ඕන භාජන වගේ සමහර දේවල් රූම් එකේ තිබ්බා...ඒවා මේ අජුම්මට අයිති දේවල්...

ජින්සුට කන්න බොන්න දේවල් ගේන්න ටවුන් එකට යන්න වෙන නිසා ජින්සු ඒවත් අරගෙනමයි ආවේ...

දවසෙන් භාගෙකට වඩා ජින්සු රූම් එක අස් කලා...ඒ ඔක්කොම අස් කරලා වොශ් එකක් දාගෙන කන්න දේකුත් හදාගෙන කොෆි එකත් අරගෙන ජින්සු ආවේ බැල්කනි එකට...ලිවින් ඒරියා එක එක්ක තිබ්බ බැල්කනි එකෙ වාඩිවෙලා ඈත පේන ගස් දිහා බලාගෙන ජින්සු හිටියේ කල්පනා ලොකේක...

මෙහේ හරිම නිස්කලංකයි...හරුම සැනසීමයි මට...තනිකමක් තියේ...මගේ ලෝකේ ඉන්න දෙන්නා ඉතින් මගෙන් ඈතයිනේ ඒක නිසා වෙන්න ඇති සමහර විට...ඒ දෙන්නා ආවොත් නම් මගේ සැනසිම ඩබල් වෙයි...ආචාර්ය පට්ටම් ගැහුවට ඉතින් මාත් මනුස්ස ජිවියෙක් හදවතක් තියෙන...හැගිම් දැනිම් දැනෙන...පොඩි පාලුවක් නම් තියේ...ඔප්පා...ඔන්නි නැතුව...
.
.
.

" ලා ලා ලා....ලල්ල්ලා...ලල්ල...ලා...."

" මොකද්ද ඒ සද්දේ...ආන්ටි සින්දු කියනවද..."

" ලා ලා ලා...ල්ල්ල්ලා...ලා..."

" නෑ නෑ...ඒ ආන්ටි නෙමේ උඩින් ඇහෙන්නේ..."

" ඒයි...පොඩ්ඩක් සරිගම නොකා ඉන්නවද..."

" ඇයි මන් සරිගම කෑවම ඔහෙට අමාරුද..."

" කන්න දෙයක් නැතුවද සරිගම කන්නේ..."

" ඇයි කන්න ගෙනත් දෙන්නද අහන්නේ තමුන්..."

" නෑ ගෙනත් කවන්න බැලුවේ..."

" යාහ්...මට අත් තියේ...කෑමත් ගෙදර තියේ...හදාගන්නත් පුළුවන්...කන්නත් පුළුවන්..."

" බ්ලා බ්ලා බ්ලා...."

" තමුන්ට අද මන්...මූකලන් බස්සා වහපිය කට..."

The Kingdom |complete|✓Where stories live. Discover now