⚞⚜ Chapter eleven ⚜⚟

371 83 0
                                    

මේ වෙද්දි හැමෝම දැනගෙන හිටියා ජිමින්ගේ මේට් ජින්සු කියලා... හැමෝම කල්පනා කලේ කොහොමද මේක ජින්සුට කියන්නේ කියලා... ජින්සු ඒ දේ කිසිම වෙලාවක විස්වාස කරන්නෙ නෑ කියලා ජින් දැනගෙන හිටියා... අනික ජින්සු වැම්පයර් කෙනෙක් කියලා එයාගේ ඔම්මා අප්පා වැම්පයර්ස්ලා කියලා කොයිම වෙලාවකවත් එයා විශ්වාස කරන්නේ නෑ කියලා ජින් දන්නවා...

ජිමින් හැම වෙලාවෙම ජින්සුව බලාගෙන හිටියේ... මොකද කෙල්ලව පරිස්සම් කරගන්න ඕන නිසා...

නිහඩවම කෙල්ල ආරක්ශා කරන්න හැමෝම එකතු වෙලා හිටියේ...

එදා ශිහාලගේ ගෙදරදි ජින්සු දැකපු දේ කාටවත් නොකිය ඒ දෙන්නම කියනකම් ඉන්න කියලා හිතපු ජින්සුගේ කටින් ඒක එලියට පයින්න හොද නැති වෙලාවක එලියට පැන්නා... ඒ හින්දා ජින්සුට ඒ දැක්ක දේවල් කියන්න වුනා... පස්සේ ශිහායි කුකියි දෙන්නට දෙන්නා ආදරේ කරනවා ඒ වගේම ශිහාව මාර්ක් කලා කියලා...

කට්ටිය මොකක් වුනත් සතුටෙන් කාලේ ගෙව්වා...

සති දෙකක් ගත වීගෙන ගියේ හරිම ඉක්මනට...

එක දවසක හවස සුගා ජිමින්ව හොයාගෙන ආවේ ටිකක් කලබලෙන්...

"ජිමින්..."

" සුගා මොකද මේ..."

" කෝ ජින්සු..."

" ආහ් එයා කොලේජ් එකේ..."

" තනියමද ඉන්නේ..."

" දන්නේ නෑ... මොකද වුනේ... සුගා... කියනවා මොකද..."

" අරුන් ජින්සු ගැන හොයනවා..."

" මෝ... කවදා ඉදන්ද..."

" දන්නෑ එක නම් මන් දැක්කා උන්ගේ එවුන් මේ පැත්තේ කැරකෙනවා..."

" ඉන්න කෝල් කරලා බලන්නම්..."

" ඔව් ඉක්මනට... එයාව තනියම යවන්න එපා මන් කියන්නේ..."

" ආඅශ්ශ්ශ්... පෝන් එක වැඩ කරන්නැ..."

" මොකද... ආහ් ශිහාට ගන්න..."

" ආහ් ඉන්න..."

ජිමින් ඉක්මනට ශිහාට කෝල් කලත් ශිහා කිව්වෙ අද එයා කලින්ම ගෙදර ආවා එයාගේ වැඩ නිසා කියලා... කුකිත් එයා එක්කම ආවා කියලා කිව්ව නිසා ජිමින් බය වුනෙ ජින්සු තනියම නිසා...

The Kingdom |complete|✓Where stories live. Discover now