⚞⚜ Chapter thirteen ⚜⚟

358 86 0
                                    

ජින්සුව ගෙනිහින් දාලා ජිමින් ගෙදර ආවේ කොන්ඩෙත් ගස ගස...

" ආහ් ජිමින් මොකෝ තෙමිලා..."

" ජින් හියුන් ඔයා මෙහෙ මොකද..."

" පොඩි වැඩකට ආවේ..."

" ජින් හියුන් දැන්ම ගෙදර යන්න... ජින්සුලා තනියම..."

" මොකද වුනේ..."

" අද ජින්සුගේ ඔඅස්සෙන් මනුස්සයෝ වගයක් පැන්නුවා... මමයි එයාව බේරගත්ට්ගේ... ඔයා ඉන්නවා කිය්ලා කිව්ව නිසයි මන් ආවේ...."

" හරි ජිමිනා මන් යන්නම් ඉක්මනට..."

ජින් කලබලෙන් ගෙදර යන්න පිටත් වුනේ ඒ දේ නිසා කලබලේට පත් වෙලා...

" ජිමින් අවුලක්ද... ඇයි ගියේ අර... මේක  ඕන කියලා ඇවිත් අරන් නොගියේ..."

" අද ජින්සු පස්සේන් මිනිස්සු වගයක් පැන්නුවා... මගේ හිතටත් මේක මහා වදයක් වගේ... මන් ටිකක් නිදා ගන්නවා හියුන්..."

" හරි ජිමිනා... ප්‍රශ්නයක් වුනේ නැනේ.... ඉවසන් ඉන්න..."

ජිමින් නිදා ගන්න ගියේ ඔළුවවත් පිහදා ගන්නේ නැතුව... එහෙම්ම සෙටියේ හාන්සි වෙලා ජිමින් නිදා ගත්තා...

.
.
.
.
.
.
.
.
.
.
.
.

" ජිමින් එන්න..."

" කොහේද යන්නේ ජින්සු ඔයා..."

ජින්සූ අතින් ජිමින්ට එන්න කිය කිය ජිමින් ඉස්සරහට අඩියෙන් අඩිය එද්දි  එයා අඩියෙන් අඩිය පස්සට ගියා... ඒක ඝන කැලෑවක්... ජින්සූ ජිමින් දිහාම බලාගෙන පිටිපස්සෙන් පිටිපස්සට ගියා... ටිකක් දුර ඒ විදියට යද්දි ජිමින්ට ජින්සුව අතුරුදහන් වෙලා යනවා පේන්න ගත්තා... ජිමින් ඉක්මනට ඇවිදගෙන ජින්සු ලගට යන්න ගියත් කෙල්ලව නොපෙනී ගියා... ඝන කැලෑවෙන් එක එක සද්ද ගොඩාක් ඇහෙන්න ගනිද්දි ජිමින් හතර වටේටම කැරකිලා බැලුවේ ජින්සුව... ජින්සුට කතා කලත් ඊට වඩා සද්දෙන් වටෙන් සද්ද ඇහෙන්න ගත්තා... සද්ද එන්බ එන්න වැඩි වෙද්දි ජිමින් කන් දෙකත් අල්ලගෙන බිම දණ ගැහුවා...

ඒත් එක්කම ජින්සුවත් අරගෙන කෙනෙක් ඈතින් මතු වුනා...

එයාගේ අතේ පිහියක් තිබ්බා... ඒක තිබ්බේ ජින්සුගේ බෙල්ල ගාව... ජිමින් දිහා බලලා හිනා වුන ඒ කෙනා ජින්සුගේ බෙල්ල හරහා කිණිස්ස යැව්වා...

The Kingdom |complete|✓Where stories live. Discover now