⚞⚜ Chapter twelve ⚜⚟

361 88 0
                                    

ජින්සු එදා ගෙදර ගිහින් නිදා ගන්න මොන තරම් ට්‍රයි කලත් එයාට ඒ දේවල් හිතා ගන්න බැරි තරමටම ඔළුව අවුල් වෙලා තිබ්බේ...

රෑ මැද නැගිටලා කෝපි එකකුත් හදාගෙන කෙල්ල බැල්කනි එකට ගියේ ඉයර්ෆෝන් දාගෙන සින්දුවකුත් අහ අහමයි... කෝපී එකත් බීලා එතනම පුටුවෙන් වාඩිවෙලා අහස දිහා බලාගෙන කෙල්ල ගොඩක් දේවල් කල්පනා කලා... වෙලා තියෙන දේවල් ගැන... කෙල්ලටත් නොදැනිම කෙල්ලට එතනම නින්ද ගිහින් තිබ්බා... උදේ වෙනකම් කෙල්ල හිටියේ බැල්කනි එකේ...

" ඔප්පා ජින්සු නෑ..."

" ඇහ්..."

උදේම ඉන්සු නැගිටිද්දි එයාගේ එහා පැත්තේ හිටිය ජින්සු නැති නිසා ඉන්සු ගොඩක් කලබල වුනා වොශ් රුම් එකෙත් බලලා බලන්න පුළුවන් හැමතැනම වගේ බලලා කෙල්ල ගියේ ඔප්පට කියන්න...

" ඔව් ඔප්පා ඊයේ මාත් එක්කමයි නිදා ගන්න ගියෙර්..."ං

" කොහෙද දෙවියනේ... පෝන් එක කෝ... කෝල් කලාද... කතා කරලා බලන්න... එලියට ගිහින්ද බලලා එන්නම් මන්..."

" හරි ඔප්පා... ආහ් ශිහාලගේ දිහාද බලන්න..."

" හරි මන් බලන්නම්..."

ඉන්සු පෝන් එක බැලුවම ජින්සුගේ පෝන් එක බෙඩ් ටේබල් එක ලග තිබ්බා... කෝල් කරලා වැඩක් නැති නිසා කෙල්ලව හොයන්න හිතාගෙන ඉන්සුත් දිව්වා...

" ඔප්පා ජින්සුගේ පෝන් එක තියෙනවා..."

" ආශ්... පහලත් නෑ... උඩ බලමු..."

දෙන්නත් එක්ක ශිහාලයි ගෙදරට දිව්වා... ශිහාට කතා කරාම එයාත් හිරි ඇර ඇර ඇදෙන් නැගිටලා ආවේ...

" ශිහා ජින්සු ආවද..."

" නෑ ඔප්පා... මන් දැන් නැගිට්ටේ..."

"  කුකිලගේ දිහා නම් වෙන්න බැහ් එහේ යන්නේ ශිහා එක්කනේ..."

" ඔව්... මොකද වුනේ ජින්සු නැද්ද..."

" නෑ එයා උදේ නැගිටිද්දි ඇදේ නෑ..."

" ගෙදර හොදට බැලුවද..."

" ඔව් බලන්න පුළුවන් හැමතැනම බැලුවා..."

" මේක හරි යන්නැ... ශිහා ජේකේට කතා කරන්න... මන් ජිමින්ට කෝල් කරන්නම්... ආශ් පෝන් එක කාමරේ..."

The Kingdom |complete|✓Where stories live. Discover now