💔 01 💔

1.1K 109 2
                                    

ආහ්.... අනේ එපා.... මං බයයි....

අනේ ඕක කරන්න එපා !!!

මං බයයි. අනේ එපා....

එපා!!!!!!!!!!!

"කියූ නැගිටින්න. කියූ....."

"අහ්"

"අදත් ඒ හීනෙම ද"

" හ්ම්..."

" ආහ් ඕක ගැන වැඩිය හිතන්න එපා... දැන් ලෑස්ති වෙන්න"

" හ්ම්..."

"ඒයි බස්සි හ්ම් හ්ම් නෙමෙයි. ඉක්මනට ගිහින් ලෑස්ති වෙනව."

"හරි හරි හේසො". "ඒත්....."

"ඒත් මේත් නෙමෙයි. ගිහින් ඉක්මනට ලෑස්ති වෙනව. මට පරක්කු වෙනව."

"අම්මෝ ඉතින් උබටත්. ඔප්පව බලන්න තියෙන හදිස්සියනෙ."

"අනේ මේ... එහෙම එකක් නෑ හලෝ..."

"හාකො හාකො. අපි බලමු කෝ...."

ආ... කියන්න බැරි වුනා නෙ. මං කියූ. පාර්ක් කියූ.... මං චූටි කාලෙ ඉඳන් හැදුනෙ අනාත නිවාසෙක. මගෙ දෙමව්පියො දෙන්නම නෑ... එයාල ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා තියෙන්නෙ. මං ගොඩක් චූටි. දැන් ටික කාලෙකට කලින් මගෙ ඔප්පා මාව හොයාගත්තා. එයා අවුරුදු ගානක් හොයල. හේසොගෙ කරස් එක ඉතින් මගෙ චිමී ඔප්පා තමයි.  මට හේසොව හම්බුනේ පොඩි කාලෙමයි. එයාගෙ නම් ඔම්මයි අප්පයි ඉන්නව. එයාල ඉන්නෙ රට. හේසොට මාසෙ ගානෙ සල්ලි එවනව. ඒ වුණාට අපි දෙන්නා ජොබ් එකකුත් කරනව. එයාගෙ ඔම්මලත් කරන්න එපා කිව්ව. සල්ලි එවන නිසා. ඔප්පත් මට එපා කිව්ව ජොබ් එකක් කරන්න. එයාට මාව බලාගන්න පුළුවන් කියල. ඔව් ඉතින් පුළුවන් වෙන්න එපැයි පාර්ක් කම්පැනි එකේ අයිත්කාරයට නංගිව බලාගන්න. හී... මායි හේසොයි ඉතින් ජොබ් එකක් කරන්නෙ ජොලියටත් එක්ක. අපි හයි ස්කූල් යන්න ගත්තට පස්සේ වෙනම ගෙයක් අරගත්තා පොඩි. දැන් ඉන්නෙ ඒකෙ.

" කියූ... ඉක්මනට එනවා....."

ශික් මගෙ මනෝ පාරත් කෑවා. මදැයි ඉතින්.

" හරි හරි මේ එනෝ..."

"අනේ මගෙ හොඳ හේසොවා. ඔව්යා කෑමත් හදලා... උම්මා...."

"අනේ යනව අහකට. බොරුවට බටර් ගාන්න ආව මෙතන. අහුවෙයි මං ඕවට. අනික මං නැත්තං වෙන කවුද කෑම හදන්නෙ. ඇයි උඹ හදනවයැ?!"

ඇත්ත තමා ඉතින්. මං කෑම හදන්නෑනෙ.හී.. උයන්න නම් ටිකක් පුළුවන් ඉතින්. ඒත් මං හදන්නෑ....

"හරි හරි ඉතින්... අපි ඉක්මනට යමු ද? නැත්තං ඔප්පා යයිද දන්නෑ.. අපි එන්නෑ කියල හිතල"

ඔන්න දුන්නා වීක් පොයින්ට් එකටම.

"යං යං ජිමින් ඔප්පට ඔයාව අද මීට් වෙන්නත් ඕන කිව්වෙ."

"අනේ ඉතිං මටනෙ බොරු කියන්න යන්නෙ. ඔප්පව බලන්න තියෙන හදිස්සියනෙ."

"අනේ මේ එහෙම එකක් නෑ... මේ... මේ.. අ...ර.."

"මොකද්ද ඔයා ඔය කියන්න හදන්නෙ."

"නෑ මම මේ කියන්න හැදුවෙ අර ජන්කුක් ඔප්පා ඔයාට කියපු එක ගැන. ඒක ගැන මොකද හිතන්නෙ.?!"

"මට බෑ... මං ඒකට බයයි"

" මේ අහන්න කියූ ඔයා දැන් ලොකුයි නෙ. ඇයි ඕකට තාම බය..."

" බෑ මං බයයි. මට තාම ඒක අමතක වෙන්නෑ..."
 

~ • ~ • ~ • ~ • ~ • ~ • ~ • ~ • ~ • ~

අලුත් එකක් දැම්මා ඉතින්. ෂෝට් චැප්ටස් යන්නෙ කතාවෙ. ඉක්මනටත් ඉවරත් වෙයි හැබැයි.

අඩු පාඩු එහෙම ඇති ඉතින්... ඒවත් කියාගෙන යන්කො.

✍️Neth P

 4 🄻🄴🅃🅃🄴🅁🅂  |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓Where stories live. Discover now