💔 03 💔

429 82 0
                                    

පැය කාලක්, භාගයක් විතර ගියා... තාම නෑ නෙ. මේ දෙන්න මොනා කරනවද දන්නෑ.. . මාවත් එලව ගත්තෙ. හහ්.

"ආ... ඔය එන්නෙ කියනකොට. බයෙන් බයෙන් ගිය කෙනා මොකද මේ හොදට හිනා වෙවී එන්නෙ."

මාව දැක්කා විතරයි හිනා වෙන එක නැවැත්තුවා. මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා. ඉන්නවකො මං අල්ල ගන්න.

" ආ... මැඩම්.... කොහෙද ගියේ මාවත් දාලා.."

" ඇයි බං සර් එක්ක කතා කරන්න නෙ ගියෙ. ඔයත් දැක්කෙ."

"ඈ... හේසො මොනාද ඔච්චර කතා කරන්න තිබ්බෙ. අනික හිනා වෙවී එන්න තරම්."

"ආ... ඒක මෙ මේ....."

" මේ මේ නෙමෙයි මොකද්ද කියනව!!"

මං ඉතින් ටිකක් සද්දෙ දැම්මෙ මොනාද මට කියන්න බැරි ඔච්චර ලොකු රහස මොකක්ද කියලා දැනගන්න.

" අන්න සර් එනවා."

ළමයෙක් කෑ ගැහුවා. දැන් ඉතින් අරක අහගන්න වෙන්නෙත් නෑ... ශික්. මෙයාටත් දැන්ම එන්න ඕන උනා නෙ.

අද පාඩම මොකක් වෙයිද දන්නෑ... මොනා ඉගැන්නුවත් අහන් ඉන්න පුළුවන් නෙ. හී.. විභාග කතාවකුත් කිව්වෙ. අනේ මන්දා බයෙත් බෑ...

" හැමෝම අහන්න. ඔයාලගෙ විභාගය මේ මාසෙ අන්තිමට තියෙන්නෙ. මේකෙන් පුලුවන් ඔයාලගෙ ඉදිරි අනාගතේ තීරණය කරන්න........................................................"

එයා තව මොනාද කිව්වා. ඒත් ඒ එකක් වත් මට ඇහුන්නෑ.. මං හිටියෙ වෙනම ලෝකෙක. මට මතක් වුනේ මගේ චූටි කාලෙ. මං හරි සතුටින් හිටිය කාලේ. ඒත් ඒ දවස!! මං ගොඩක් බය උන දවස. මට ගොඩක් රිදුන දවස. මං ඒ දවස මතක් කරන්නත් බයයි. මං එදා ගොඩක් ඇඩුවා... පැය ගානක් මං කාමරේ මුල්ලකට වෙලා ඇඩුවා. මං එදා ඉදන් තමයි ඒ අකුරු හතරට බය වුනේ.. අකුරු හතරටත් වඩා මං ඒවගේ අවස්ථා වලට ගොඩක් බය වුනා... මගේ ම නැන්දයි මාමායි. මං අදටත් ඒ මූණූ දෙක දකින්න බයයි. මං බයයි.

"කියූ...!!!"

"කියූ...කියූ... ඔයා මොන ලෝකෙද ඉන්නෙ කියූ.. සර් කතා කරනවා."

"ආහ්"

හේසො මාව හොලෝල කතා කරද්දි තමයි මං හරි සිහියට ආවෙ.

"කියූ! මොන සිහියෙන් ද ඉන්නෙ කියනව. මං කියපු එකක් වත් අහන්ද හිටියෙ ආ..."

හරිනෙ. ඔප්පට තරහ ගිහින් අදනම් බේරෙනව බොරු වගේ. කොච්චර ඇදුරු වත් ස්කූල් එකේදි එයාට අපි ඔක්කොම ළමයි. එයා අපේ සර්. එයාගෙ නංගිටත් එහෙමයි. අපිට වෙනස් වෙයි යෑ..

"ස..සර්... ම..මං මේ.."

"දැන් නිදහසට කරුණු ද ?!". " කියපු ඒවා ටික අහගන්නව යළුවගෙන් වත්. මං බෑ ආයෙ කියන්න. මෙච්චර කියලත් අහන් ඉදල නැහ්."

බුදු අම්මෝ.... මදැයි ඔයින් ගියා.






✍️ Neth P

 4 🄻🄴🅃🅃🄴🅁🅂  |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓Where stories live. Discover now