💔 12 💔

475 68 19
                                    

After 4 years

කාලය හරි ඉක්මනට ගෙවිලා ගියා. මං එදා ඉදලා මහන්සි වෙලා පාඩම් වැඩ කරලා ස්කූල් එකේ exam එක පාස් උනේ ඉස්කෝලෙම හොද ම රිසාල්ට් වලින්.

කලින් වගේ කවුරුත් මට ගහන්න බනින්න රිද්දන්න හිටියෙ නෑ...

ඔව් චූටි කාලෙ තිබ්බ ලොකු exam එකකින් මං හයි මාක්ස් ගන්නකොට අපේ නැන්දගෙ දුවට එච්චර ලකුණු ගන්න බැරි වුණා. මට යන්න හොද ම ස්කෝලයක් හම්බෙන කොට ටීෂා ඔන්නි ව හොද ස්කෝලෙකට දාන්න නැන්දලට ගොඩක් සල්ලි වියදම් කරන්න වුණා...

ඒ විතරක් නෙවෙයි එයා මට අමානුෂික විදියට වද දෙන්න හේතුව උනේ එයාට එයාගෙ යාළුවො ඉස්සරහ අපි දෙන්නගෙ ලකුණු කියන්න ලැජ්ජා හිතුන නිසා. මොකද  අපි දෙන්නගෙ රිසාල්ට් අතර ලොකු වෙනසක් තිබුනා.

වෙන ලමයි ෆේල් වෙනකොට බැනුම් ඇහුවට මට විභාගය පාස් වෙලත් නොසෑහෙන දුක් විදින්න උනා. මගෙ රිසාල්ට් ආපු දවසෙ අනිත් යාළුවන්ට අම්මල තාත්තල තෑගි අරන් දෙනකොට මට හම්බුනේ අදටත් කැලැල් හරියට නොමැකුණු ගුටි පූජාවක්. 

මං පාඩම් කරනවා කියලා දැක්කොත් මට ගුටි කන්න තමයි හැමදාම උනේ...

ඒ චූටි හිත එදා දැනගෙන හිටියේ නෑ ඒ දේවල් කරේ මට දසවද දුන්නෙ තමන්ගෙ ලජ්ජාව වහ ගන්නයි, ඊර්ෂ්‍යාවටයි කියලා.

ඒ තුවාල රිදුම් දෙද්දි හැම දාම අහන්න බැරි වචන වලින් බැනුම් අහද්දි මං විභාගය කියන එකට බය වුනා.. මං විභාග පාස් වෙන්න බය වුනා.....

ටේ ඔප්පා කියන විදියට මට තිබුණේ phobia එකක්. ඇත්තටම කිව්වොත් EXAM phobia එකක්. ටේ ඔප්පත් ගොඩක් මහන්සි උනා මට ඒක හොද කර ගන්න. මොකද ඒ කැලැල් මගෙ ඇගේ තියෙද්දි, හැමදාම මට පෙනෙද්දී ඒක අමතක කරන එක ලේසි වැඩක් වුණේ නෑ...

කුකී ඔප්පගෙ ආදරේ නිසයි අනිත් ඔප්පලයි ඔන්නිලයි නිසයි තමයි මං ඉක්මනට හොද වුනේ... නැත්තන් මං අදටත් මානසික ලෙඩෙක්.

" කියූ මොනාද කල්පනා කරන්නෙ. "

මං මනෝ ලෝකෙන් එළියට ආවෙ ඔප්පගෙ කට හඬට.

" අහ් ඔප්පා මුකුත් නෑ අනේ... "

" මුකුත් නැතිවෙන්න බෑ පරණ ඒවා ගැන නෙ හිත හිත හිටියෙ. ආ.... "

" හ්ම්ම්.... "

ඔප්පගෙන් මට මුකුත් හංගන්න බෑ. මං හැරෙද්දි එයා දන්නවා... අනික මං ඔප්පට මුකුත් නොකියා ඉන්නෙත් නෑ.

" දැන් ඕවා හිත හිත ඉන්න එපා... ඉස්සරහ ගැන හිතන්න... හරිද..? "

" හරි හරි අනේ... "

" අද අර කට්ටිය එනවා කිව්වා. පාටි දාන්න.. "

" ඒ මොකටද පාටි ? "

" ඇයි එයාලගෙ චූටි නංගියගෙ graduation පාටි එක... "

ඔව්. ඊයෙ මගෙ උපාධි උත්සවය තිබුනා.

" හ්ම් හ්ම්... ඒකටත් පාටිද? "

" හ්ම්.. එහෙම නැතුව බෑනෙ "

" කට්ටියම එනවද "

" නැතුව නැතුව... එහෙම නැතුව බෑ.. "

" ඔව් ඉතින් කට්ටියට සෙට් වෙන්න මගෙ graduation එකත් අල්ල ගත්තා නේ... "

" ඇයි ඔයා අකමැති ද..? ම්ම් "

" අම්මෝ ඔප්පා පිස්සුද ඈ... මං උඩින්ම කැමතියි... මේ කියූ කවද්ද අකමැති වුනේ පාටි දාන්න "

" ඒකනේ මං දන්නැද්ද මගෙ කෙල්ල ගැන... "






" ඒක නෙමෙයි කියූ ඔයා මොනාද කරන්න හිතන් ඉන්නේ... "

" මං ළමා හා තරුණ මනෝ උපදේශිකාවක් වෙනවා "






- නිමි -


✍️Neth P

ඔන්න කතාව ඉවරයි.

කතාව කියවපු වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි.....❤️
💜 සරන්හේ.... 🙂

කතාව ගැන මොනවා හරි කියාගෙන යන්න...

 4 🄻🄴🅃🅃🄴🅁🅂  |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓जहाँ कहानियाँ रहती हैं। अभी खोजें