💔 11 💔

315 63 0
                                    


" හ්ම්.... මෙහෙමයි.....

හේසො ඔම්මයි අප්පයි ඇමරිකාවේ කියලා දන්නවා නෙ. ඔයාට හේසොව හම්බෙන්නේ මීට අවුරුදු 4කට විතර කලින්නෙ. ඊට කලින් එයා හිටියේ ඇමරිකාවේ. එතකොට තමයි ජිමිනුයි හේසොයි යාළු වුණේ.. ජිමින් කොහොමත් මෙහෙ එන්න හිටිය නිසා හේසොටත් කොරියාවේ ඉගෙන ගන්න ආසයි කියපු නිසා හේසො අපිත් එක්කමයි කොරියාවට ආවෙ. ඒත් එයාට කොරියන් ටිකක් අමාරු නිසා එයා අවුරුදු 3ක් පහළ පන්තියක තමයි ස්ටඩීස් කරන්න උනේ. "

" ඒ - ඒ කියන්නෙ එයා මට වඩා අවුරුදු තුනක් වැඩිමල්.. ? "

" හ්ම්... එයාට දැන් 22ක්.  ඒ වගේම එයා ඔයාත් එක්ක ස්ටඩීස් කරන්න මුල් උන අනිත් හේතුව ඔයා.... "

" මේ මං...... "

" ඔව්... ජිමින් මෙහෙ ඇවිත් ඔයා ගැන හොයනකොට තමයි අපි ඔයා ගැන හරියටම දැන ගත්තෙ. ඔයා මට කියපු තරම් දෙයක් නොදැන හිටියත්. ඒ නිසා තමයි ජිමින් ඔයාගෙ භාරකාරත්වය එයා ගත්තෙ. ඔයාව තනියම තියන්න බැරි නිසා තමයි හේසො ඔයා එක්ක ඉන්නම් කිව්වෙ. ඒ ජිමින් එපා කියලා කියද්දිත්.... ඉතින් ඔයා නොදන්නවා උනාට ඒ දෙන්නා මේ අවුරුදු 4ම කලින් වගේම ආදරේ කරා.... ඉතුරු ටිකත් මං කියන්න ඕනද ? නෑ නේ...."

" එ - එපා... "

කියලා මං ඔලුව හෙලෙව්වෙ මගෙ ඇස් දෙකේ කදුළු පිරෙනවා කියලා තේරෙද්දි. එයා මං වෙනුවෙන් එච්චර දෙයක් කරලා. තමන්ගෙ කෙනෙක් වත් නොකරන දෙයක්..... මට ඉකි ගෙහෙන්න ගියෙ තප්පර ගානයි. එතකොට ම ජන්කුක් ඔප්පා මාව එයාගේ තුරුලට ගත්තා... මං ඒ පපුවට තුරුල් වෙලා තවත් අඩන්න ගත්තේ දුකටම ද කියලා මං වත් දැනන් හිටියෙ නෑ...

කවුරු හරි ඇවිල්ලා මගේ ඔළුව අත ගෑවා. ඔව් ඒ හේසො තමයි...

" අයියෝ මෝඩියෙ අඩන්නැතුව ඉන්නවකො. හොටු පෙරාගෙන පොඩි එකෙක් වගේ හැටි විතරක්. "

" ඒ... ඒත්.. "

" අනේ කියූවො මේ අහනවකො. ඔයා හින්දා තමයි මට හොඳට කොරියන් ඉගෙන ගන්නත් හම්බුනේ. ඒ මදිවට හොඳ පිස්සු යාළුවෙකුත් හම්බුනේ..."

" කියූ දැන් අඩන්න එපා... මේ අහන්නකො මං ඔයාට කිව්වා වගේ හේසො වෙනුවෙන් වත් EXAM එක හොදට පාස් වෙනවා නේ ද. ? ම්ම්.... "

" හ්ම්ම්... "

මං කොහොම හරි විභාගෙ හොදට පාස් වෙනවාමයි. කලින් මොන දේ වුණත් දැන් මං ඉන්නේ මේගොල්ලොත් එක්ක. එයාලගෙ සතුට මං හොඳට ඉගෙන ගන්න එක නම් මෙච්චර මං වෙනුවෙන් කැප කිරීම් කරන මෙයාලා වෙනුවෙන් මං මගෙ බය පැත්තකට දානවා.

මං එහෙම හිතලා කදුළුත් පිහ දාගෙන ඔලුව කෙලින් කරා..






✍️Neth P

 4 🄻🄴🅃🅃🄴🅁🅂  |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓Where stories live. Discover now