💔 07 💔

327 70 2
                                    

" ඉතින් බලන්නකො ආදරේ වගේ ලස්සන දේකට තියෙන්නෙත් අකුරු හතරයිනෙ. ආදරය කිව්වත් අකුරු හතරයි. Love කිව්වත් අකුරු හතරයි. එහෙම නේද? "

• ~ • ~ • ~ • ~ • ~ • ~ • ~ • ~

" හ්ම්..."

" ඒක නිසා මගෙ මැණික ඒ අකුරු හතරට බය වෙන්න එපා...හරිද... ඒ මිනිස්සුන්ගේ තියෙන අමනුස්ස කමට ඒ වගේ දෙයක් කරාට අපි කවුරුත් ඔයාට එහෙම කරන්නෑ..."

" හ්ම් මං දන්නවා... ඒත් මට බයයි. ආයෙ මාව හොයන් ඇවිත් කරදර කරොත්.... "

" ඔයා බයවෙන්න එපා... මේ අහන්නකො එයාල ඔයාව හදා ගන්න ගත්තෙ ඔයාට තියෙන ආදරේකට නෙමෙයි නෙ. එයාලට ඕන වුණේ දේපළ. එයාල ජිමින් ඉන්නවා කියලා නොදැන හිටිය නිසා එයාල හිතුවේ දේපල උරුම ඔයාට කියලනෙ. ඒත් ජිමින් දැන් ඉන්න නිසයි එයාට දැන් භාරකාරයෙක් ඕන් නැති නිසයි එයාලට දේපළ ගන්න විදිහක් නෑ... අනික ඔයාගෙ භාරකාරත්වය තියෙන්නෙ ජිමින්ට නිසා බය වෙන්න එපා... එයාලට ආයෙ ඔයාව ගන්න බෑ හදාගන්න කියලවත් "

" ඔප්පගෙන් මාව ඉල්ල ගත්තොත්. එයා මේවා දන්නෑ නෙ."

" ඔයා හිතනවද ජිමින් එයාගෙ පණ වෙන කෙනෙක්ට දෙයි කියලා. එයා අවුරුදු ගාණක් හොයපු ඔයාව. මං හිතන්නෑ සක්‍රයා ආවත් දෙයි කියලා. අනික ඔයා හිතනවට වඩා ජිමින් ඔයා ගැන දන්නවා නොදන්නවා වගේ හිටියට. "

" හ්ම්......😔"

" අනිත් එක තමයි දැන් ජිමින්ගෙ තත්වෙ එක්ක මේ රටේ එක්කෙනෙක්ට හැප්පෙනවා තියා හැරෙන්නවත් බෑ... නීතිය අතින් බය වෙන්න දේකුත් නෑ නේ යුංගි හ්‍යුන්ග් ඉන්නෙ."

කියලා ඔප්පා මගේ කොණ්ඩෙත් අවුස්සලා එයාගෙ බනී හිනාව දැම්මා...

" ඒක නෙමෙයි ඔප්පා කොහොමද දැගත්තෙ මේක.."

" ම්ම්... ඒක රහසක්.."

" කියන්නකො අනේ ටේ ඔප්පද කිව්වෙ"

" නෑ..."

" එහෙනම්... කියන්නකො අනේ..."

" හේසො කිව්වෙ "

" මොහ්... මොකක්...? එයා කොහොමද දන්නෙ..."

" අනේ මැට්ටියෙ. ඔයත් එක්ක අවුරුදු ගානක් හිටිය එකා නොදැන ඉදී කියලා හිතනවා ද? "

" හ්ම්..."

" ඒක නෙමෙයි දැන් ඕවා අමතක කරලා පාඩම් කරන්න. හා ද...?"

" ඒත් පාඩම් කරන්න...."

මං ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියෙ..

" ම්ම්.. නැත්තන් දෙනව හොද දඩුවමක්." " මං උදව් කරන්නම් කො මගෙ මැණිකට පාඩම් කරන්න... හාද? පාඩම් කරලා හොදට exam පාස් වෙන්නත් ඕනෙ හරිද? "

" ඒත්..."

" අපි ඔයාට ආදරෙයි නෙ පැටියෝ... අඩුම ගානේ හේසො නිසාවත්..."

" ඇයි හේසො නිසා කිව්වෙ..."

" ආ.. ඒ ඉතින් ඔයාගෙ යාළුවනෙ. ඒකයි කිව්වෙ..."

" ආ..."

" යන්ද පහළට? දැන් රෑත් වෙලා..."

එතකොට තමයි මං වෙලා ව දැක්කෙ. හතත් පහුවෙලා...

" යං යං..."

කියල මං ඔප්පවත් ඇදන් යන්න යද්දිම....









✍️Neth P

 4 🄻🄴🅃🅃🄴🅁🅂  |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓Where stories live. Discover now