💔 10 💔

314 62 1
                                    

සද්දෙට නැතත් ටිකක් තදට කිව්වෙ වෙන කවුරුවත් නෙවෙයි මගෙ චිමී ඔප්පා... ජන්කුක් ඔප්පා ඇවිත් මගේ ඇස් දෙක අතකින් වැහුවා.

" මොනාද බලන් ඉන්නෙ ආ... "

ඒ ජිමින් ඔප්පා. මොකද මෙයාට තරහ ගිහින්.

" අයියෝ ඔප්පා යන්න දෙන්නකෝ... "

ඒ හේසො නෙ. එයා යන්න දෙන්න කියන්නෙ ඔප්පට ද?

" අද නම් යන්න දෙන්නෑ මැණික.. "

" ඔප්පා... "

" බලාගෙන ඉන්න හොදයි නෙ නේද? "

ඈ... මෙතන මොකද වෙන්නේ. මේ හාවා මගෙ ඇස් දෙකත් වහලා මෙලෝ දෙයක් පේන්නෙත් නෑ.

" අද නම් හේසොව ඉවරයි. පහුගිය ටිකේ කට්ටි පැනපුවටත් එක්ක රිටන් එක හම්බෙයි වගේ. "

ඒ ගමන ජන්කුක් ඔප්පා මොනාද මේ කියවන්නෙ. මට මුකුත් තේරෙන්නෑ. දැන් නම් ෆෘට් සැලඩ් වගේ මගෙ ඔලුව.

" ඔප්පා මේ අත ගන්නකො "

" ඒ මොකටද? මොනා බලන්න ද "

" අනේ..... "

" බෑ "

" ඔප්පා..... "

" කුකියො ඔය අත ගනින් බං. එයාට තව හංගන්න ඕන් නෑ... "

ඒ චිමී ඔප්පා. මෙයාලා මේ මොනා ගැන ද කියන්නෙ.  එතකොට ම වගේ කුකී ඔප්පා එයාගෙ අත මගෙ ඇස් වලින් ගත්තා.

" මො- මොහ් "

ඇස් ඇරපු ගමන් දැක්ක දේ නිසා මගෙ කටත් බාගෙට ඇරුණා.

ජිමින් ඔප්පගෙ අත් දෙකට මැදි වෙලා ඉන්නෙ හේසො. ඔප්පා හේසොව කිස් කරනවා. ඒ මෝඩි එතනින් ගැලවෙන්න හදනවා. හේසොවා කියව කියව හිටියෙ ම ඔප්පා ගැන නෙ. එහෙනන් ඇයි දැන් දගලන්නෙ. අනික මොකක්ද අර හංගන්න ඕන් නෑ කියපු කතාවයි, පහුගිය ටිකේ කතාවයි. එතකොට මේ දෙන්නා කලින් ඉදන්ම...

" ආ...හ්.. "

ඒ හේසො. එතන තමයි නියම ෆිල්ම් එක..

" යා.... ජිමිනො අපිට බෑ උදේ ම ෆිල්ම් බලන්න... "

ඒ ටේ ඔප්පා.. ම්හ්ම් ඒත් ඔප්පට නෙමෙයි නවත්තන්න ඕන. හේසො නම් චෙරි ගෙඩියක් වගේ රතු වෙලා.  තව ටිකක් මෙහෙම හිටියොත් පුපුරයි වගේ. ඔප්පා හේසොවත් වඩාගෙන එයාගෙ රූම් එකට ගියා..

" පව්... කෙල්ල ගැන හරි ම දුකක් ඇති වෙනෝ... " 

ටේ ඔප්පා එහෙම කියනවත් එක්ක මාත් එයාලගෙ පැත්තට හැරුනෙ මේ අපබ්‍රංසෙ මොකක්ද කියලා හරියට දැන ගන්න.

මං හැරෙනවත් එක්ක හිනා වෙවී හිටිය ජන්කුක් ඔප්පා නම් මුකුත් දැක්කෙ නෑ වගේ මාරු වෙලා යන්න හැදුවෙ. මොකද එයා දන්නවා මං දැන් ප්‍රශ්න පත්තරේ ම දිග අරින්නෙ එයාට කියලා.

" ඔප්පා... "

එයා මගේ පැත්ත හැරුනෙ අද ඉවරයි වගේ මූඩ් එකකින්. එහෙම වෙනවා තමා මට කිව්වෙ නැත්තං. හූම්...

" මට කිව්වොත් නරක ද දැන් මෙතන මොකද වුණේ කියලා. "

" මොනා වෙන්න ද අපේ කොටා හේසොවා එක්ක ෆිල්ම් එකක් පෙන්නුවා මිසක. " 

" ඔප්පා මේ මග අරින්න නම් හිතන්න එපා... මට අග මුල නෑර ඔක්කොම දැන ගන්න ඕනෙ... "

මං කිව්වා. මාත්  ඉතින් ලේසියකට අත අරිනවා යෑ...

" දැන් ඉතින් CID එකට දීපන්කො උත්තර.. "

කියාගෙන ඔප්පා සෝෆා එකෙන් ඉදගත්තෙ මටත් ඉදගන්න කියාගෙන. දිග කතාවක් තියෙයි වගේ කියන්න.

" හ්ම්.... මෙහෙමයි..... "








✍️Neth P

 4 🄻🄴🅃🅃🄴🅁🅂  |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓Where stories live. Discover now