🖤 කොහිද ඔබ

26 2 0
                                    

හුරුයි මට නිහැඬියාව
ඒත් නුහුරුයි ඔබේ නිහැඬියාව
ඒත් සිත ඔබව සොයන වග
නොසඟවමි
සඟවන්නට දෙයක් නැති බැවින්
ඔබට....

ඇරඹුම කොහේ වුව
අවසනක් නොපතමි
ඔබ නැතිව
හිස් තැනක් අවැසි නැති බැවින්
හදවතට...

මිහිදන්ව රැක ගනිමි
ඔබ මතක මා සමඟ
නික්මෙන දිනෙක
නොකියාම මා...

හැකියි නම් පතනු මැන
හැමදාම හමුවන්න
එක මවුගෙ දරුවන්ව
මතු භවේ...

2021-12-13
Min_Kisha

To; Twin MeowTempat cerita menjadi hidup. Temukan sekarang