🖤 මග බලන්

16 3 4
                                    

පරිණත සිතැති වග සිතුවද
තවමත් ළදරු සිත් දරණ වග
පසක් වුණි මට,
නුඹ ළඟදි...

අසීමාන්තික නිදහසක
සැනසුම් වින්ඳෙමි
ළඟ නැතත්
සිතක උනුහුම වින්දෙමි...
පාලුවට හුරු සිතට
දැනෙන හැඟුමට ලොබින්,
ඈතකට යන්නට නොහැකි වග
අහිමි වනවාට බිය වග
අත් හරින්නට නොහැකි වග
කියන්නට උවමනා වුව
සිත ගොළුයි...

නුඹ දුන්නු මිතුදමේ
සීමාව නොදනිමි,
කියා දී යන්න මට...
හැකි වේවි නවතින්න
එතැන,
නුඹ ළඟින්...

2022.01.25

To; Twin MeowWhere stories live. Discover now