🖤 නිහඬ නුඹ

15 2 0
                                    

නුඹ ළඟ වින්දෙමි
නිසසල සැනසුමක්
සුවදායි නිහඬ බවක්...
එනමුදු
ඒ නම් මෙය නොවේ...
මේ නිහැඬියාව
රිදවයි, අහේතුකවම...
දනිමි මා හොඳින් නුඹ
දනිමි නුඹ තැවුල් හදින් වග
නොකීවාට කම් නැත
නොකියා නොඉන්නා වග ද දන්නෙමි...
ඒත් ඇයි මේ තනියම
මොහොතකට හෝ,
රිදුම් විඳි හදින්...
අමතකද
කොන්දේසි විරහිතවම
නුඹ ළඟින් වග...
ඉතින් සැඟවුම් කුමට..

2022-01-31

To; Twin MeowWhere stories live. Discover now