[පලමු කොටස]

539 76 38
                                    

"ඔව් ඉතින් උඹ හැම වෙලාවේම විඳවනවා මට බලන් ඉන්න බැහැ යකෝ ඔන්න ඔය මල ඉලව් මගුල අමතක  කරපන්. එකීට උඹ ගැන කිසිම ගාණක් නැහැ . පරණ විඳිහට  ආයේ උඹව දකින්න ආසයි. වෙනස් වෙයන් හැමදෙයක්ම අමතක කරලා අලුතෙන් පටන් ගන්න. එච්චරයි මන් කියන්නේ. හිතුවා ඇඩුවා කියලා මොකුත් වෙනස් වෙන්නේ නැහැ "

ඒ තමයි නෙතුෂිගෙන් අහපු අන්තිම වචන ටික. අඩලා අඩලා ඇස් රතු වෙලා. දාගෙන හිටපු කන්නාඩි දෙක ගලවලා කදුලූ බේරෙන ඒ ඇස් මන් දිහා බලාගෙන අහපු ඉල්ලීම මට අහක දාන්න බැරි නිසාම මන් තිරණය කරා ඒ අදුරු මතකය වළලා දාන්න. මගේ ජිවිතයම වෙනස් කරපු එයාව අමතක කරලා දාන්න. මන් දන්නවා ඒක කරන්න ගොඩක් අමාරු දෙයක්. ඒත් මන් නිසා මෙච්චර ගොඩක් අය විඳවනවා කියලා දැන ගත්තම මට තවත් එයාව ඕනේ නැහැ කියලා මන් තිරණය කරා මට එයාව එපා කියලා.

                      මේ අලුත් ඉස්කොලේට ආපු අලුත නම් ඇත්තටම මට හිතුනේ මේක ඉස්කෝලයක් නෙමේ විකාර මඩුවක් කියලයි. දකින දකින මනුස්සයා ඇවිල්ලා උන් උන්ට ආවේණික වේච්ච මනෝ ලෝක වල ජීවත් වුණේ. සමහරක් අය හරිම හොඳයි.  තවත් සමහරු හොඳට ඉගෙන ගන්න නිසා මන් තමයි වැඩ්ඩා කියන හෙන සීන් එකෙන් ඉන්නේ පොත් ගුල්ලෝ ඉගෙනීම විතරයි සමාජය ගැන කිසිම දැනුමක් නැහැ තමන්ව පහු කරගෙන තවත් කෙනෙක් ඉස්සරහට යන එකට ඉරිසියයි තවත් ජීවී කොට්ටාශයක් ඉන්නවා ඉගෙනීමක් නැහැ ස්පෝර්ට්ස් විතරක් බදාගෙන ඉන්නවා උන් ඉගෙන ඉවර උනාම ජීවත් වෙන්න උන්ට කන්න දෙන්නේ නෙට් බෝලේ කියල තමයි හිතන් ඉන්නේ . තව ඉන්නවා ඉස්කොලේ  ටීචර්ස්ලාට ගොට්ට අල්ලලා තමන්ගේ ලමයව ඉස්සරහින් ඉන්න ඕනේ කියන හිතන අම්මලා සහ එයාලගෙ ලමයි තවත් සමහරු අය එලොවටත් නැතුව මෙලොවටත් නැතුව ඔහේ ඉස්කොලේ එනවා ඉගෙන ගන්නවා යනවා. මේ වගේ අනේකවිධ චරිත ඉන්න  ඉස්කොලෙක ඉගෙනීම, ස්පෝර්ට්ස් අනික් බාහිර කටයුතු හැම දෙයක්ම වගේ සමබරව තියාගෙන ඉන්න එකම එකෙක් ඉන්නවා නම් ඒ එකම කෙනා මන් තමයී ඉතින්
                 මන් කලින් හිටියේ කලුතර ඒත් අප්පච්චිට හැම වෙලාවේම ඕනේ උනේ කොලඹ වගේ පැත්තක ජීවත් වෙන්න. මොකද මන් ගියපු  ටියුෂන් ක්ලාස්, අප්පච්චිගේ බිස්නස් වැඩ හැමදේම තිබුණේ කොලඹ. ඒ හින්දා එහෙ අතෑරලා කොලඹ පදිංචියට ආවා. මන් පවුලේ එකම ලමයා. මට තිබ්බ ආදරේ වැඩි කමට අප්පච්චිට තව ලමයෙක් ඕනේ උනේ නැහැ. අම්මි නම් හැම වෙලාවේම මට තව සහෝදරයෙක් නැති එක ගැන දුක් උනා ඒත් අප්පච්චි නම් නැහැ. 
            මම රිෂිනි අහින්සා.  පවුලේ එකම ලමයා. වැඩිය කවුරුත් එක්ක ආශ්‍රයක් නැහැ. ආශ්‍රය කරන මන් විශ්වාස කරන එකම එකෙක් ඉන්නවා නම් ඒ මගේ පාපතර හොඳම මිත්‍රයා නෙතුෂි. මන් ඇවිල්ලා හරිම සාමකාමී හොඳ ලමයෙක්. හැබැයි ඒ ගෙදර ඉන්නකම් විතරයි ඉස්කොලේ ආවහම මන් වෙනුවෙන් ඉස්කොලේ එන පාපතර මිතුරා එක්ක එකතු වුණොත් ඉතිං මන් හෙන දග එකෙක්. කරන්න පුළුවන් හැම කුපාඩි වැඩක් බලු වැඩක් එකතු වෙලා අපි දෙන්නා කරනවා.සහෝදරයෙක් නැති අඩුව මට හැම වෙලාවෙම පිරෙව්වේ නෙතූ. ඒක නිසා යාලුවෙක්ට වඩා ලොකු හැගීමක්, සෙනෙහසක් හැම වෙලාවෙම එයා ගැන මගේ හිතේ තිබ්බා.
                      අපේ ස්කූල් එක ඇවිල්ල ග්ර්ල්ස්    ඔන්ලි එකක්. ස්කූල් එකේ ඉන්න සෙක්ශන් බ්‍රයිට්ලාගෙන් එක්කෙනෙක් මන්. ස්පෝර්ට්ස් වගේම ස්ටඩීස් හැම දෙයක්ම බැලන්ස් කරගෙන ඉන්න ඕනේ කියලා මන් හැම වෙලාවෙම හිතනවා. හොඳට ඉගෙන ගන්න නිසා ගුරුවරු ලමයි අතර හොඳ නමක් මට තිබ්බ. ඒත් එයාලා දන්නේ නැහැ ස්කූල් එකේ වෙන සමහර වැරදි වැඩ වලට මමත් සහය දක්වනවා කියලා. සෘජු දායකත්වය නැති උනාට වක්‍රාකාරව හරි මගේ support එක එයාලට දුන්නා.
       වැරදි කිව්වම මත්කුඩු ජාවාරම් වගේ දේවල් නෙමේ හොදේ. ඔය 6 වසරේ පොඩි උන්ට ටොකු අනිනවා, උන්ව රැග් කරනවා, පීරියඩ් කට් කරන අයගේ බෑග් හංගනවා, උගන්වන වෙලාවට හොරෙන් කන සෙට් එකට කෑම පෙට්ටි පාස් කරනවා ඔන්න ඔය වගේ චුටි චුටි වැරදි තමයි ඉතින්. අපේ පංතියේ වැරදි කරන හැමෝම වගේ බේරාගන්නේ මන්. ටීචර්ස්ලාට මන් දෙයක් කිව්වොත් ඒක ඉර හඳ වගේ ශූවර්. ආයේ මොකුත් අහන්නේ නැහැ. ඒක නිසා මට මොකක් හරි කරදරයක් උනොත්  මොකෙක්හරි ගේමක් ඉල්ලන්න හැම වෙලාවෙම වගේ හැමෝගෙම සහය මට ලැබෙනවා.
         
"රිෂි ඇයි බං කොරියන් කොල්ලො මෙච්චර ලස්සන මගේ හිත මට පාලනය කර ගන්න බැහැ අනේ බලනවා ජිමින්  ගෙ ලස්සන දරා ගන්න බැහැ. ජිමින් ඔප්පා..........."

𝐀𝐦𝐨𝐮𝐫 [Complete] Where stories live. Discover now