"රිෂිනි ඔයාට පුළුවන්ද පුතේ මේ රෙජිස්ටර් එක ඔෆිස් එකෙන් තියාගෙන එන ගමන් ඔෆිස් එකේ ඉන්න ඩිපියුටි මැඩම්ට මේ ෆයිල් එක දීගෙන එන්න"
"පුළුවන් මිස්"
දෙවැනි පීරියඩ් එකේ අන්තිම හරිය වගේ වෙද්දී අපේ පංති බාර ටීචර් හෙණ තඩි ෆයිල් එකකුයි රෙජිස්ටර් එකයි මට ගිහින් දෙන්න කියලා කිව්වා. උදේ ඉඳන් මැත්ස් ඩබල් පීරියඩ් තිබ්බ නිසා සසර කල කිරිලා හිටියේ. මේක තමයි චාන්ස් එක කියලා එලියට පැන ගන්න හදනකොටම නෙතූ අතින් අල්ල ගත්තා.
"ඒ..... ඒ බං බලු වැඩ කරන්න එපා යකෝ මාවත් එක්කන් පල තව ටික වේලාවක් මන් මෙතැන හිටියොත් මට පිස්සු හැදිලා අංගොඩ ගිහින් නවත්වන්න වෙයි. අනේ රිෂී....... ප්ලීස්"
" උඹ කියයි යන්න දෙයි ද බං?"
"ඒ ඇයි මචං ඔයා ඔහොම බොරුවක් කියපන් උඹ කියපන් ටීචර්ට මට නිකන් වමනේ යන්න වගේ කියලා එතකොට මිස් යවයිනේ අනේ කියහන් බං. තව නම් මට ඉන්න බැහැ දෙමළ වගේ යකෝ මොකුත් තේරෙන්නේ නැහැ "
" හරි හරි පොඩ්ඩක් ඉන්නවකෝ මන් ටීචර්ට කියන්නම් "
නෙතු කියපු දේ මන් ටීචර්ට කියන්න ඕනේ නිසා පංතිය මැද්දේ ඉඳන්ම හයියෙන් කිව්වා
" ටීචර් මේ....... මේ......... "
" ඕ.... පුතේ ඇයි? "
" ටීචර් නෙතුෂිට නිකන් වමනේ යන්න වගේලු ටිකක් ඔලුවත් රිදෙනවාලු "
" ආආආ.... ඒ මොකද ඇත්තද නෙතුෂි මේ කියන්නේ "
" අනේ ඔව් මිස් නිකන් බඩ ඇතුලේ යුද්ධයක් වෙනවා වගේ මට ඉක්මනින් යන්න ඕනේ"
මෙච්චර වෙලා මගේ එහා පැත්තෙ ගහක් ගලක් වගේ හිටපු නෙතු කොර වෙච්ච ආඳේක් වගේ බඩත් අල්ලාගෙන හෙන අහිංසක වොයිස් ටෝන් එකකින් ටීචර්ට කිව්වා. නෙතුගේ ඇක්ටින් නම් මරු ඔස්කාර් සම්මානයක් දෙන්න වටිනවා හැබැයි. කොහොමත් ඉතින් පොර ඩ්‍රාමා නේ කරන්නේ
" අපෝ ටීචර් ඔය බොරු මේ කියන්නේ. මෙයාට ඔය වමනේ යන්න ආවේ නිකන් නෙමේ මෙයාගෙ නැට්ටට ඉතින් ටීචර් ඔෆිස් එකට යන්න කිව්වා නේ ඒකයි ඔය නැත් නම් නෙතුෂිට මොන ඉහෙන් බහින රෝගයක් නැහැ මිස්"
YOU ARE READING
𝐀𝐦𝐨𝐮𝐫 [Complete]
Non-Fictionඑය ප්‍රේමයද නැත් නම් මිතුරු සෙනෙහසක් ද කීමද ඔබ ගැන ඇති ආලය සොදුරියේ මා බිය වුණෙමි මා පසුබට වුණෙමි ඒ ආලය ඔබට කියන්නට එදා මා පසුබට විම නිසා මන් අදටත් පසු තැවෙමි ඔබ අද මා ලඟ නැති වූ නිසා. ∞ 𝑨𝒎𝒐𝒖𝒓 ∞