[තුන්වන කොටස]

209 62 4
                                    

"එයා ඇවිල්ලා හරි අමුතු කෙනෙක් පොඩි කාලේ ඉඳලම. සෙනුතිට නංගිලා දෙන්නෙක් ද කොහෙද ඉන්නවා. එයාගෙ අම්මා නම් මාර නපුරුයි. අම්මෝ ඒ ආන්ටී ලඟින් යද්දීත් මන් නම් අඩි දෙක තුනක් ඈතින් යන්නේ. හොස්ස ලඟින් මැස්සා යන්න බැහැ. මට තියෙන එකම ප්‍රශ්නෙ එ වගේ අම්මා කෙනෙක් ඉද්දි එයා ඔහොම වැඩ කරන්නේ කොහොමද කියලා. සෙනුති ඔහොම වෙනස් වෙන්න එකම හේතුව ඇවිල්ලා එයාගෙ වටේ ඉන්න නරක යාලුවෝ. එයාගෙ ඔය යාලුවෝ අතරින් හොඳ එකෙක්ට ඉන්නවා නම් ඒ ශෂිනි. මාරම හොඳ කෙල්ලෙක්. සෙනුතිව හැම වෙලාවේම හැම දෙයකින්ම බේර ගන්නවා. ඉගෙන ගන්න කියලා එයාට බල කරනවා. එයාගෙ එයාව නරක් කරන කෙනෙක් ඉන්නවා නම් අර ඒකි එක්ක ඉන්නේ රන්දි කියලා කොට පොරක් අන්න එකී තමයී. "

" ඇයි එයා සෙනූතිට මොනවද කරන්නේ? "

" සෙනුති එයාව විශ්වාස කරනවා වැඩි. සෙනුති ආසම රන්දිව එයාගෙ හොඳම යාළුවා කර ගන්න හරියට ශෂිනි වගේ ඒත් රන්දි සෙනුතිව රිද්දන්නවා. C පන්තියේ පලවෙනියා ඉන්නේ තිසුමි අන්න එයා එක්ක ඉන්නකොට නම් සෙනුතිව ගනන් ගන්නෙ වත් නැහැ. ඒත් එක දවසක් වත් තිසුමි ඉස්කොලේ ආවේ නැති දවසට සෙනුති එක්කම ඉන්නවා, සෙනුති එක්කම කෑම කනවා, සෙනුති එක්ක විතරක් සෙල්ලම් කරනවා. ඒ දවස් වලට එයා මාර හැපි එකේ ඉන්නේ. රන්දි සෙනුතිව ගනන් ගන්නෙ නැති උනහම අම්මෝ ස්ටේටස් වල  එයා ලියපු කවි දානවා. මාර ලස්සනයි එයා ලියන කවි. මන් එක දවසක් ඔයාට එව්වේ ඒක මතක ද? "

" ආආ.... ඔව් මට මතකයි. "

කොහොමද මන් ඒ කවිය අමතක කරන්නේ. ඒ කවියේ වචනයක් නෑර මට මතක තිබුණා. ඒක කියවන වාරයක් පාසා මට හිතුනා ඒ කවිය මට ලියලා තිබුණා නම් කියලා. නෙතු ඒ ගැන කියනකොට මට එ කවිය මතක් උනා. අපි දෙන්නා කතා කර කර ඉද්දි වෙන ටීචර් කෙනෙක් ඇවිල්ලා සෞඛ්‍ය උගන්වන ටීචර් දීපු ප්‍රශ්න වගයක් අපිට ලියන්න කියලා දුන්නා.
              
           අපි හැමෝම එක පන්තියකට එකතු උනා. අපි ගියේ C පංතියට. මන් යනකොටත් සෙනුති එයාගෙ යාළුවොයි එකතු වෙලා කිසිම ගාණක් නැතුව කතා කර කර හිටියා. මන් දීපු ප්‍රශ්න ටික ලියනවට වඩා සෙනු කතා කරන කතා විලාසය දිහා බලන් හිටියේ. හරිම ලස්සනයි කතා කරනකොට එයාගේ ඇස්. මන් හැම වෙලාවේම ආස උනේ එයාගෙ ඇස් දිහා බලාගෙන ඉන්න. ඒ තරම් කෙනෙක් ඇබ්බැහි වෙනවා එයා දිහා බලන් ඉන්න. මට ලොකු කේන්තියක් ඉරිසියාවක්   රන්දි ගැන ඇති උනා. ඇයි එයා සෙනුතිව රිද්දවන එක ගැන ඒ වගේම සෙනුති ලගින් ඉඳන් මටත් රන්දි වගේ එයා එක්ක කතා කරන්න බැරි උන එක ගැන. මන් එදා දවසේම කරේ සෙනුති දිහා එයාට හොරෙන් බලන් හිටපු එක.
           එදා ඉස්කොලේ ඇරිලා මට නෙට්බෝල් ප්‍රැක්ටිස් තිබුණා. නෙතු නම් ගියා. උදේ ඉඳන් මට සෙනුති ගැන ඇති උන හැගීම නිසා ප්‍රැක්ටිස් වලදී මට හරියට අවධානය යොමු කරන්න බැරි උනා. කිහිප වතාවක්ම කෝච් ගෙන් බැනුම් ඇහුවා. ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර ගිහිනුත් මන් එයා ගැන හිත හිත හිටියා. අන්තිමට නිදා ගන්නකොට වේලාව පාන්දර 1.00 පහු වෙලා තමයී මන් නිදා ගත්තෙ.

𝐀𝐦𝐨𝐮𝐫 [Complete] Where stories live. Discover now