[හතරවන කොටස]

199 60 7
                                    

දින සති  මාස ගනන් ගෙවුණා........ එහෙම ගෙනවුත් මට ඒ ගැන කිසිම ගාණක් තිබුණේ නැහැ. කවදාවත් හිතපු නැති බැඳීමක් නිසා  අපි යාළුවෝ විඳිහට ලං උනා. ගොඩක් හිනා උනා ගොඩක් දේවල් කතා කරා. එයාගේ ඒ හිනාව බලන්න ඕනෙම නිසා  හැමදාම ඉස්කොලේ ආවා. වෙනදාට වඩා වැඩි උනන්දුවකින් හැම දෙයක්ම කරා. එකම එක යාලුවෙක් විතරක් ආශ්‍රය කරන්න මුළුගැන්විලා හිටපු මට හැමෝම ආශ්‍රය කරන්න හැමෝම එක්ක එක වගේ ඉන්න කියලා මට කිව්වා.
                        කාලයත් එක්කම මේ සිද්ද වෙන හැම දෙයකටම මන් හුරු උනා. එයා නිසා මගේ ජිවිතයට ගොඩක් ලස්සන මතකයන් එකතු උනා කවදාවත් අමතක කරන්න බැරි.  මගේ මූණේ නොදැකපු සතුටක් හිනාවක් මගේ මූණේ වෙනදාට වඩා දකින්න ලැබුණා. මේ හැම දේටම හේතුව සෙනූ. නෙතුට වඩා මන් සෙනූට ගොඩක් ලං වුණා. හැමොටම පුදුමයි මගේ වෙනස්වීම දැකලා. මේ වෙනස් වීම ගැන හැමෝටම සතුටු හිතුනත් නෙතු නම් ඒ ගැන වැඩි කැමැත්තකින් නෙමේ හිටියේ. කොටින්ම කිව්වොත් එයා සෙනූ ගැන එච්චර හිත හොඳකින් නෙමෙයි හිටියේ.

"ඒයි රිෂි මේ අද ආර්ට් රූම් එකට යන්න මන් එනකන් ඉන්න හොදේ"

" හරි හරි මන් ඉන්නම් සෙනුති ඉක්මනට එන්න"

පන්තියේ කළු ලෑල්ල ළඟට වෙලා ඒකේ කුරුටු ගගා  හිටපු මන් ළඟට ඇවිත් සෙනූති කියලා ගියා.

"  රිෂී what is this ......."

" මොකක්ද අනේ.... About what ? "

නෙතු දිහා නොබලාම මන් කළු ලෑල්ලේ හුණු කුරෙන් කුරුටු ගගා හිටපු නිසා එයාට කේන්ති ගිහින්  මගෙ උරහිසෙන් අල්ලලා එයාගෙ පැත්තට මාව හරවගත්තා.

"about this shit"

" මේ බලන්න නෙතු මට කියන දෙයක් කෙලින් කියනවාද වටෙන් ගොඩෙන් යන්නේ නැතුව. Shit shit කියන්නේ කියන රෙද්දක් මට පැහැදිලිව කියනවා."

නෙතුගෙ  හැසිරීම නිසා කවදාවත් නැතුව මට එයා ගැන කේන්ති ගිහින් මන් එයාට උස් හඩකින් කිව්වා. මගේ පොඩි වෙනස් වීමක් උනත් නෙතුට තේරෙන නිසා එයාට තේරුම් ගිහින් තිබුණා මට දැන් කේන්ති ගිහින් තියෙන්නේ කියලා. ඒක නිසාම එයා ඊලග පාර කතා කරද්දී මට ටිකක් සන්සුන්ව කතා කරා.

𝐀𝐦𝐨𝐮𝐫 [Complete] Where stories live. Discover now