[පසුවදන]

231 60 61
                                    

දින, සති ගෙවී අවසානයේ වර්ෂ පාවා ගෙවී ගොස් ඇත. 3මන් තවමත් නුඹව දකින,  නුඹ එක්ක සිනහ වන,  නුඹ එක්ක කතා කරන වාර අනන්තයි. මට අදටත් හිතා ගන්නට බැරි මෙතරම් කාළයක් ගෙවී ගියත් මා කෙතරම් වේදනා ලබලත් තාමත් මගෙ හිතේ උබට ඉපදෙන ආදරේ නතර නොවුන එක ගැන. අදටත් ඒ හිනාව දිහා බලාගෙන මන් ඉන්නවා. අදටත් මන් නුබට හොරෙන් නුබ දිහා බලන් ඉන්නවා. කොහේ ගියත් නුබවම මගෙ ඇස් හොයනවා. ඒ ආදරය කවදාවත් නිමක් නැහැ සෙනූ.ඒත්. නුඹ මට අයිති නැහැ කියලා මතක් වුණාම හැගිම් වලට වහල් වූ හිතේ අහිමි වීමක් දරාගන්නට හැකියාවක් නැති නිසා මටම නොදැනීම ඇස් කදුළු වලින් තෙත් වෙලා හිතින් විලාප දෙනවා. වෙනදට එක දවසක් හෝ නුඹ එක්ක කතා නොකර සිටීමට නොහැකි වූ මට දැන් දින සති ගෙවෙන තෙක් සිටීමට හැක. මා තුළ නුඹ පිලිබද ඉපදුණු ඒ ආදරයේ සෑබෑ අයිතිකාරයා නුබයි. තව එක් නිමේෂයක් මන් ඉක්මන් උනා නම් මගේ ආදරය උබට කියන්න අවස්ථාව ලැබිලා ඇති. ඒත් දෛවයේ සරදම නිසා මට බැරි උනා. ඊට කලින් නුබේ සැබෑ අයිතිකාරිය උබව හොයන් ආවා. හැමදාම මගේ කර ගන්න ඕනේ කියලා හිතපු නුබ අද වෙන කෙනෙකුගේ වෙලා. කමක් නැහැ උබේ මුහුනේ ඒ හිනාව අදටත් රැඳිලා තියෙන්නේ ඒ අයිතිකාරි  නිසා නම්  මට ඔබේ අහිමිය වේදනාවක් නොවේ. අදටත් මන් නූබට ආදරෙයි ප්‍රේමියේ
♡සෙනු ♡

************************************
එක්කෙනෙකුගේ ජීවිතේ වෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන කතාව ලිව්වේ. සමහරක් විට කෙනෙකුට මෙක නිකන්ම නිකන් Chapters 6 වුණාට සිද්ධියට මුහුණ දීපු එයාට තමන්ගේ  ජීවිතේ සිද්ධ වුණු ඇත්තම   අහිමිවීමක් ගැන ලියවුණු සම්පූර්ණ මතක සටහනක්.කතාව ලියලා ඉවර උනාට පස්සේ මගේ හිතේ ලොකු බරක් නිදහස් උනා. මේකේ රිෂි ආදරය කරපු ඒ සෙනුතිත්  ඉන්නවා. එයත් මේ කතාව කියවයි කියල බලාපොරොත්තු වෙනවා. ඉතින් කතාව කියවපු වගේම vote කරපු සහ comment කරපු හැමොටම වගේ ගොඩක් ස්තුතියි. කතාව ගැන හිතුනු දේ අනිවාර්යයෙන් කියාගෙන යන්න. ආයේමත් තව අලුත් කතාවකින් හම්බ වෙමු.

✍✀LE0✀ ❤️.

𝐀𝐦𝐨𝐮𝐫 [Complete] Where stories live. Discover now