[පස්වන කොටස]

207 59 4
                                    

"නෙතු මන් කැන්ටින් එකට යනවා ඔයා එනවද?"

"අනේ මට බැහැ ඔයාට ඕනෙ නම් යන්න මට වැඩක් තියෙනවා"

"අනේ ඇයි ඒ සල්ලි ගෙනාවේ නැතිද මන් අරන් දෙන්නම් යමුකෝ හලෝ"

"අයියෝ............ මන් කිව්වා නේ අනේ ඇණයක් වෙන්න එපා එන්න බැහැ කියන්නේ බැරි නිසා නේ. කරදරයක් වෙන්නේ නැතුව කරුණාකරල යන්නකෝ "

කවදාවත් වචෙනෙකින් වත් මට හිත රිදෙන විඳිහට කතා කරපු නැති නෙතු මට එදා බැන්නා. එදා වුණු සිද්ධියෙන් පස්සේ නෙතු මාත් එක්ක එච්චර හිත හොඳීන් නෙමේ හිටියේ. මන් කොච්චර එයා එක්ක කතා එයා හැම වෙලාවෙම කරේ මාව ගනන් නොගෙන හිටපු එක විතරයි. එයාගෙ මේ හැසිරීම මට ගොඩක් ලොකු දුකක් ඇති උනා. මගේම සහෝදරී කියලා හිතාගෙන හිටපු කෙනාම මට මෙහෙම කරනකොට මට ඒක දරා ගන්න බැරි උනා. මේ දවස් ටිකේම නෙතු නිසයි සෙනුති නිසයි මන් ගොඩක් අප්සෙට් එකේ හිටියේ. ඒත් ඒක කාටවත් තේරුනේ නැහැ. මන් තේරුම් කරන්න උත්සහ කරත් ඒක නෙතු තේරුම් ගත්තෙ නැහැ.
                මගේ හිතේ හැම වෙලාවෙම ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් නෙතුට මේ ගැන කියන එක ගැන. මොකද මන් ඇත්තටම බය උනා නෙතු මේ ගැන මොන වගේ ප්‍රතිචාරයක් දක්වයි ද කියන එක ගැන. අනිත් එක සෙනුති කා වෙනුවෙන්ද ආපහු මෙහෙම කවි ලියන එක ගැන. ඒ කවි ගොඩක් වෙනස්.  රන්දි වෙනුවෙන් වෙනදා ලියන කවි වගේ නෙමේ. ඒවා ගොඩක් ඇවිල්ලා තිබුණේ විරහව ගැන තමන්ගේ හිතේ තියෙන ආදරය තව කෙනෙකුට කියා ගන්න බැරුව හිතින් තමන් විඳින වේදනාව ගැන. තවත් ගැනු ලමයෙකුට ලියවිලා තිබුණේ ඒ කවි. ඒ කවි පටන් ගන්නේත් ඉවර වෙන්නෙත් "අසම්මතය" ගැන ලියවිලා. හැමදාම එයා කවියක් ස්ටේටස් දානවා. බොහෝ දුරට කවි දෙකක් තුනක්. වෙලාවකට මට හිතුනා ඒ කවි මන් වෙනුවෙන්වත් එයා ලියලා ඇතිද කියලා. වෙනදාට මා එක්ක කතාවට එන කෙනා ටික ටික කතා කරන එක අඩු උනා. මමම ගිහින් කතා කළොත් මිසක් එයා කතා කරේම නැහැ. සෙනුතිගේ මේ වෙනස වීමත් නෙතුගේ හැසිරීමත් මට ගොඩක් බලපෑවා.
      
    එයාගෙ වෙනස් වීම මට කොච්චර බලපෑවා ද කිව්වොත් මන් කරේ අඬපු එක විතරයි. එයාගෙන් මැසේජ් එකකට රිප්ලයි එනකන් බලාගෙන හිටියා සැරෙන් සැරේ වට්ස්ඇප් චැට් එක චෙක් කරා උපරිම එවල තිබුණේ emoji එකක් විතරයි. කිසිම දෙයකට හිත යොමු කරන්න බැරි උනා මට. වාර විභාග වලින් ලකුණු අඩු උනා. හැමොටම පුදුමයි මට මොකක්ද උනේ කියන එක. මටම හිතා ගන්න බැහැ මට උන දේ ගැන. හිතට නිදහසක් ලැබෙන එකම දේකට තිබුණේ නෙට්බෝල් ප්ලේ කරන එක විතරයි. වෙනදා වගේම එදත් මන් නෙට්බෝල් ප්ලේ කරලා මාව එක්කන් යන්න අම්මි එනකන් බෙන්ච් එකේ වාඩි වෙලා බලන් හිටියා. එතකොටම එතැනට නිශාරා ඇවිත් මා එක්ක කතා කරන්න ගත්තා.

𝐀𝐦𝐨𝐮𝐫 [Complete] Where stories live. Discover now