_06_

2.6K 424 19
                                    

පිගානට මූන ඔබාගෙන කෑම කන ගමන් ඉදපු ටේගේ මුළු ඇගම හිරිවැටිලා ගියේ එයාගෙ කකුලට දැනුන ආගන්තුක ස්පර්ශයක් නිසා

ඉස්සරහ බලපු ටේ දැක්කේ යටි තොලකුත් හපාගෙන පිගානේ තිබුන සොසේජස් කෑල්ලකට ගෑරෙප්පුවෙන් අනින ජන්ග් කුක් ව

මුකුත් නොවුන ගානට ජන්ග් කුක් කෑම කනවා.හැබැයි එයා දැනගෙන ඉදියේ නෑ එයා මේ කරන වැඩේ දිහා තව කෙනෙක් අවධානෙන් බලන් ඉන්නවා කියලා

" ජන්ග් කුක් කෑම කාලා ඉවර වෙලා මගේ කැබින් එකට එන්න.මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන" නම්ජූන් බැරෑරුම් ව කතා කරන ගමන් කෑම මේසයෙන් නැගිටලා යන්න ගියා

"හ... හරි හියුං" ජන්ග් කුක් හැමදාමත් එයාගේ හියුං ට ගෞරව කලා.ඒවගේම එයා අවනත එකම කෙනත් නම්ජූන් විතරයි.කොච්චර වැරදි වැඩ කලත් ජන්ග් කුක් බලා ගත්තා ඒ හැමදේම මාලිගාවෙන් පිටදී තියාගන්න

මේක දිහා බලන් ඉදපු ටේට තඩි කෙල ගුලියක් හිර වුනේ ජන්ග් කුක් මේ කරන දේවල් නම්ජූන් දැනගෙන ඇති ද කියලා හිතන ගමන්.අනිත් පැත්තෙන් ජන්ග් කුක්.එයාටත් පොඩි බයක් දැනුනේ නම්ජූන් එයාට කියලා තිබුණා ටේට කරදර කරලා අහුවෙන්න එපා කියලා....වෙන වෙන ලෝකවල ඉදපු හැමෝගෙම අවධානය වෙනස් වුණා ජිමින් කතා කරන්න ගත්තු ගමන්

" ටේ මාත් එක්ක පොඩි ගමනක් යමුද"

" කොහෙද ජිමි...."

" බැහැ...එයාට ඔයත් එක්ක යන්න බැහැ ජිමින්..." ගෑරෙප්පුවෙන් තදින් මේසෙට අනින ගමන් ජන්ග් කුක් කිව්වා

"ජන්ග් කුක් බලාගෙන ඔය ගෑරෙප්පුව..." යුන්ගි හිනාවෙන ගමන් ජන්ග් කුක් ට කිව්වා

මෙච්චර වෙලා නිහඩව මේ දේවල් අහන් ඉදිය ජිනුත් උඩ ගියා ජන්ග් කුක් ගේ මේ වැඩ දැකලා

" ජන්ග් කුක්... මේක කෑම මේසයක් කියලා මතක තියාගන්න" ජින් ජන්ග් කුක් ට ඔරවන ගමන් කිව්වා

" සොරි හියුං"

" හරි ජිමින් මට පැය භාගයක් දෙන්න මං ඉක්මනට චේන්ජ් කරන් එන්නම්" ටේ ජන්ග් කුක් දිහා නොබලම කෑම මේසෙන් නැගිටලා ජින්ට බව් කරලා එතනින් යන්න ගියා

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [𝐊𝐎𝐎𝐊𝐕] ✓Where stories live. Discover now