_19_

2K 386 48
                                    


" කුක් මොකද ලමයෝ මේ මූනත් එල්ලන්න..ෂික් අද කාලේ හැදෙන ලමයි නං ගන්න දෙයක්.ඒකට මං.. මට දැන් වයස හැත්ත නමයක්..මං ඉන්නේ නැව ගිලුණත් බෑන් චූන් වගේ "

ජන්ග් කුක් ගේ හැල්මොනී එයාගේ උකුලට වෙලා ඉදන් එයාගේ ඔළුව මසාජ් කරවගන්න ජන්ග් කුක් ට කිව්වා

ජන්ග් කුක් ගේ ඔම්මාල කොරියාව ට ආවේ ඊයේ.ජන්ග් කුක් එයාගේ අප්පව මුන ගැහෙන්න නොගියත් අනිවාරෙන් එයාගේ girlfriend ව බලන්න ගියා.එයාගේ හැල්මොනීට හැට පැන්නට මොකද එයා ජන්ග් කුක් ගේ one and only girlfriend

" මට පාළුයි girlfriend  "

ජන්ග් කුක් මූනත් ඇඹුල් කරන් කිව්වේ ටේ හ්‍යොයන්ග් ව නොදැක දැං දවස් තුනකුත් වෙන නිසා

" මොකෝ මේ එකපාරටම පාළුවක් දැනෙන්න ගත්තේ ආාාාා.. girlfriend ව ලගින් තියන් ඔය වගේ කතා කියනවද මී හරකෝ.. පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්න බලනවකෝ "

" ඔයා ගානට වැඩී ආාාාා. වයසේ තරමටද කතාව ඔයාගේ... "

" අනේ පලයන් බං යන්න.මට කොච්චර වයස වුනත් බලනවා මගේ ෆිගර් එක.අර තමුන් කරේ එල්ලන් ඉන්න නාකී වලාමවල් පරාදයි මගේ සුන්දරත්වෙට "

" ම්ම්ම්ම් "

ජන්ග් කුක් හුස්මක් හෙලන ගමන් ජනේලෙන් පේන ඈත දිහා බලන් ඉදියේ සසර කල කිරිච්ච ගානට

" උබ වගේ boyfriend කෙනෙක් මට ගැලපෙන්නේ නෑ bro. වහාම තමුන් ඒ post එකෙන් අයින් කරලා අලුතෙන් කෙනෙක් ව බදවගන්න ඕන.. සික්... ඒ මේ මාව shopping එක්ක යනවකෝ.. මං දාඩිය ලේ වගුරවලා පන දෙවෙනි කරලා වදපු ඔහේගේ අර හියුං ට කිව්වා මාව එක්ක යන්න කියලා කොහෙද ඒ මිනිහට මට වැඩිය මේ ඉලව් රට ලොකු වුණානේ "

ජන්ග් කුක් ගේ හැල්මොනී හතර අතට අත පය විසික් කර කර ඇගෙන්ම එන රංගනය විදහා දැක්කුවේ ජන්ග් කුක් මේ මොන මල සමයං ද නාකී කාලේට කියලා හිතන ගමන්

" අද නං බෑ බබා.අහන්නකෝ බබා මට අද විශේෂ වැඩක් තියෙනවා ඒක කල් දාන්න පුලුවන් වැඩක් නෙමෙයි මේ පාර විතරක් මට යන්න දෙන්න.ඊලග පාර මං ඔයා වෙනුවෙන් දවසක් ම වුනත් වෙන් කරන්න.. අනේ girlfriend ප්ලීස් "

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [𝐊𝐎𝐎𝐊𝐕] ✓Where stories live. Discover now