_22_

2.2K 376 65
                                    


" යුන්ශික් කට වහ ගන්නවා..මතක තියාගන්න මට තාමත් තීරණයක් ගන්න පුළුවන් තරං බලයක් මේ මාලිගාව ඇතුලේ තියෙනවා කියලා "

" ඔම්මා ඔයාට බැහැ එහෙම කියලා ජන්ග් කුක් වෙනුවෙන් මං ගන්න තීරණ වෙනස් කරන්න.එයා මගේ ලමයා "

පැය විසි හතරෙන් වැඩි කාලයක් විනෝදයෙන් ගත කරන හිටපු අධි රැජිනිය මේ වෙලාවේ නං ඉදියේ කේන්තියේ උපරිමේට.ඒ එයා මේ මාලිගාවේ කාටත් වැඩිය ආදරේ කරන එයාගේ  ජන්ග් කුක් වෙනුවෙන් ජන්ග් කුක් ගේ අප්පා ගත්ත තීරණය නිසා

" හහ්.. එයා ඔයා ලමයා වුනාට කමක් නෑ.එයාගේ ජීවිතේ ගැන තීරණ ගන්න ඕන එයා මිසක් ඔයා නෙමෙයි.එයා කසාද බදිනවනං බදින්නේ එයා කැමති කෙනෙක් මිස ඔයාට ඕන කෙනා නෙමෙයි..ඒක මතක තියාගන්න "

හිටපු අධි රැජිනිය ගේ සෘජු වදන් එක්ක ජන්ග් කුක් ගේ අප්පා නිහඩ වුනත් එයාට ඕන වුනේ එයාට අවශ්‍ය කෙනාව ජන්ග් කුක් ට බන්දලා දීලා එයාලගේ රාජ්‍ය සම්බන්ධතා තව දුරටත් පුළුල් කරගන්න.මොකද එයාල මේ පාර කරපු සංචාරය නිසා ජන්ග් කුක් ගේ අප්පට ජන්ග් කුක් වෙනුවෙන් වටින විවාහ යෝජනාවක් ලැබිලා තිබුණා

ඒ එයාලා සංචාරය කරපු රටවල් අතරින් ප්‍රධාන තැනක් ගත්ත ජපානයෙන්.ජපානයේ රාජ්‍ය පාලනයට එකතු වෙලා ඉන්න වැදගත් විශේෂ පවුලකින් ජන්ග් කුක් වෙනුවෙන් විවාහ යෝජනාවක් ලැබෙද්දී හිටපු අධි රැජිනිය ඒ වෙලාවෙම ඒ යෝජනාවට අකමැති වුනත් ඒ ගැන පිලිතුරක් පසුවට බලාපොරොත්තු වෙන්න කියලා යුන්ශික් නැවතත් ඉක්මනින් ම කොරියාවට ආවේ ඒ හේතුව නිසා

" මං මේ ගැන කොහොමත් ඉක්මනටම එයත් එක්ක කතා කරනවා ඔම්මා.අනික එයත් නාස්ති වෙවී කෙල්ලෝ එක්ක විනෝද වෙන එක විතරයි නේ කරන්නේ.දැන් ඒ දේවල් හොදටම ඇති.දැන් එයාට මේ හැමදේම බාරදෙන්න කාලේ හරී "

" ඔයා හිතනවා වගේ කෙනෙක් නෙමෙයි එයා.අනික නම්ජූන් මේ හැමදේම ඔයාගේ කීමට බාරගත්තට ජන්ග් කුක් කරන්නේ එයාට හරියි කියලා හිතෙන දේ.ඔයාට බෑ එයාව නවත්තන්න.ඔයාගේ මේ තීරණ නිසා වෙන්නේ එයා තවත් මුරණ්ඩු වෙන එක විතරයි යුන්ශික්.එයාගේ නිදහස නැති කරන්න එපා යුන්ශික්.මට ආයේ ආයේ කියන්න බෑ මේවා.. "

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [𝐊𝐎𝐎𝐊𝐕] ✓Where stories live. Discover now