_12_

2.4K 436 42
                                    

ෂර්ට් එකත් පැත්තකට විසික් කරපු ජන්ග් කුක් එහෙම්මම ටේගේ එහා පැත්තෙන් හාන්සි වුනේ ටේ ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලං ඉද්දී

ටිකක් වෙලා නිශ්ශබ්ද ව ඉදපු ජන්ග් කුක් එකපාරටම ටේගේ පපුව උඩින් ඔළුව තියාගත්තා

" ජ.. ජන්ග් කුක් මොකද මේ "

" මෙහෙම ඉන්න දෙන්න මට "

ටේට හිතාගන්න බැරි වුණා මේ අපබ්‍රංසේ මොකක් ද කියලා.ගොඩක් වෙලාවට එයාට කේන්තියෙන් සලකන නැත්තං බලෙන් කිස් එකක් ගන්න ජන්ග් කුක් දැං මෙහෙම ඉන්න හැටි දැක්කම ටේට ගොඩක් පුදුම හිතුණා

ජන්ග් කුක් එයාගේ පපුව උඩින් ඔළුව තියාගත්ත විදිය දැකලා එයාගේ පපුවේ පැත්තක් හිරිවැටිලා වගේ ගියත් මේ වෙනස් වීම මොකක් ද කියලා ටේට හිතාගන්න බැරි වුණා

" ටේ හ්‍යොයන්ග් "

වෙනදට හැමවෙලේම ඒන්ජල් නැත්තං මැණික කියලා කතා කරන ජන්ග් කුක් දැං ටේට එයාගේ නමින් කතා කරනවා දැනුනම හිතට ලොකු දුකක් දැනුනා

" කියන්න ජන්ග් කුක් "

" මං ගොඩක් නරක මනුස්සයෙක්.ඔයා හිතනවටත් වැඩිය ගොඩක් නරක කෙනෙක්.මං ගොඩක් නරක වැඩ කලා..අහන්න එපා ඒ මොනවද කියලා.මං ගොඩක් කොල්ලො කෙල්ලො ආශ්‍රේ කලා.එයාලා එක්ක එකට ඉදලා තියෙනවා.මං දන්නවා ඒ හැමදෙයක්ම වැරදී කියලා.ඒත් මං ඒ දේවල් වලට ඇබ්බැහි වෙලා.අහගෙන නේද ඉන්නේ ඔයා "

" දැන් ඇයි ජන්ග් කුක් ඔයා මට ඕයි දේවල් කියන්නේ..මට ඔයාගේ පෞද්ගලික කිසිම දෙයක් අහන්න අවශ්‍ය නෑ "

ජන්ග් කුක් ගේ ඒ වචන නිසා ටේගේ හිත රිදෙන්න ගත්තා නිසා ඒ දේවල් ගැන අහන්න වුවමනා වුනේ නෑ.මොකද කොච්චර නෑ කිව්වත් ටේගේ හිතේ ජන්ග් කුක් ගැන කැමැත්තක් නොතිබුනාම නෙවෙයි.ඒත් ටේට ඒ දේවල් වලට කාලය අවශ්‍ය වුනා

" ඔයා අහන්න ඕන ඒ දේවල්.එතකොට මගේ හිත නිදහස්.දන්නවද එක දවසක් රාජකීය උද්‍යානයේ කොනකට වෙලා ඒ මල්වලට හිනා වෙවී ඉන්න ඒ හැම මලකටම වඩා ලස්සන ඒත් ගොඩක් මුරණ්ඩු රෝස මලක් මං දැක්කා.. ඇත්තටම මට මේ දේවල් කොහොමද කියන්න ඕන කියලා තේරෙන්නේ නෑ.මොකද මං කවදාවත් කවුරුවත් ඉස්සරහ ආදරණීය වෙන හැටි නොදන්නා නිසා...
මුලින්ම මට ඕන උනේ ඔයාව එක දවසකට හරි පාවිච්චි කරන්න.. ඒත් "

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [𝐊𝐎𝐎𝐊𝐕] ✓Where stories live. Discover now