_17_

2.2K 413 27
                                    


" යුන්ගි අදින් මේ ප්‍රශ්නේ ඉවර කරලා දාන්න ඕන.මං මගේ ඒන්ජල් ට කරන්නේ මේ ලොකු වරදක් "

" මට තේරෙනවා ජන්ග් කුක්.හැමදේම හොදින් සිද්ධ වෙයි.. අද කොහොමහරි ඒකිව එලියට ගමු "

" මට බෑ බං මේ දේවල් නිසා ඒකී එක්ක ඉන්න.මං මගේ හැමදේම මගේ ඒන්ජල් වෙනුවෙන් කැප කරලා ඉවරයි.. ඒ ගෑනී මාව ටච් කරනවා කියන්නේ මං මගේ ඒන්ජල් ට ද්‍රෝහී වෙනවා කියන එක යුන්ගි "

ජන්ග් කුක් dream night club එක දිහා බලන් සුසුම් හෙළුවා

" මං උබ එක්ක ඕනම දේකට ඉන්නව ජන්ග් කුක්.අනිත් එක මේ දේවල් අපි කැමැත්තෙන් කරනවා නෙමෙයි නේ "

යුන්ගි ජන්ග් කුක් ගේ පිටට තට්ටු කරන ගමන් කිව්වා



මාලිගාව තුළ

" නම්ජූන් ඇයි ඔම්මලා මෙච්චර කලින් එන්නේ.එයාලට තව සතියක විතර කාලයක් තියෙනවනේ කොරියාවට එන්න "

නම්ජූන්ගේ official office room එකේ සෝෆා එකේ වාඩි වෙලා ඉන්න ගමන් ජින් ඇහුවා

" ඔව් ජිං..ඒත් එයාලා ගියපු වැඩේ ඉක්මනටම ඉවර කරලා. අප්පා එයාලා එක්ක හිතුවට වඩා කලින් contract එක ඉවර කරලා.. අනික හැල්මොනී හැම වෙලාවෙම කෙදිරි ගානවලූ ජන්ග් කුක් ව බලන්න එන්න ඕන කියලා "

නම්ජූන් වැඩ කර කර ඉදිය එයාගේ ලැප් එක ඕෆ් කරලා ජින් ලගට ඇවිත් ජින්ගේ උකුලෙන් ඔළුව තියලා හාන්සි වෙන ගමන් කිව්වා

" මං දන්නැද්ද හැල්මොනී මෙච්චර ලොකු ජන්ග් කුක් ව හුරතල් කරන හැටී.. ඇත්තටම ජූන් ජන්ග් කුක් ඔච්චර මුරණ්ඩු වුනෙත් එයාගේ හැල්මොනී නිසා "

ජින් නම්ජූන්ගේ නලල සිප ගන්න ගමන් කිව්වා

" ජූන්.. මං ඔයත් එක්ක ටිකක් කතා කරන්න කියලා ඉදියේ "

" මොකක් ද බබා "

නම්ජූන් ජින්ගේ ඉන වටා දෑත් යවන ගමන් ජින්ට තව තවත් තුරුළු වුනා.රටේ නායකයා වශයෙන් එයාට නිදහසක් දැනුනේ එයාගේ ආදරේ ලග විතරයි.කොච්චර දරදඩු මනුස්සයෙක් කියලා ලෝකෙට පෙන්නුවත් නම්ජූන් ජින් ඉදිරියේ ඉන්නේ ලොකු නිදහසකින්

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [𝐊𝐎𝐎𝐊𝐕] ✓Where stories live. Discover now