𓂸🦋:14:🦋𓂸

1.2K 332 137
                                    

ඒ බෝතලේ නතර උනේ ලස්සන හීල්ස් සපත්තු දෙකක් ගාව...
කව්රු උනත් ඒ සපත්තු හිමි කාරිය අර වතුර බෝතලේ අහුලල අතට ගත්තා...
නැවීගන උන්න හෝබ නැගිට්ටෙ තිබහ වැඩි කමට ඒක ඉල්ලගන බොන්න බලාගන...

🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋

කෙලින් උන හෝසොක් හිස නවල අත දික් කරල වතුර බෝතලේ ඉල්ලුවෙ ඒ කව්ද කියල නොදැක....

JH : ඕක මට දෙනව... ද ම්...මි... 🥺... සේරා..

Sera : හෝසොක් 🥺...

JH : මේ මේ... මේ ඔයාමද සේරා... 🥺
මං.. මේ මං ඉස්සරහ ඔයා ඉන්නවද සේරා....
ඔයා....

කෙල්ලව දැක්ක ගමන් හෝබගෙ උගුර කට වේලිලා ගියා.. හෝසොක් හොඳටම අඬ අඬ කෙල්ලව අල්ලන්න හදනව උනත් එයාට හිත දුන්නෙ නෑ එයාගෙ කිලිටි අත් වලින් සේරව අල්ලන්න..
සේර හරියට ඔපදාපු මැනිකක් වගේ හරිම පිරිසිදුයි ලස්සනයි....
අතීතයේ උන හැම සිදුවීමක්ම තප්පරෙන් අමතක කරල දාපු සේර හෝබගෙ අතින් කැත නැතුව අල්ලල එයාගෙ අතින් වතුර බෝතලේ තිබ්බා... 

Sera : මේක බීල ඉන්නකො... 🥺...

JH : අනේ යන්න එපා සේරා... 🥺

Sera : මං ආය යන්නෙ නෑ හෝසොක් ඔයා ඕක බොන්නකො... 🥺

ගොඩක් තිබහෙ බඩකින්නෙ හිටපු හෝසොක් වතුර බෝතලේ කඩාන එක හුස්මට බීගන බීගන ගියේ කට දෙපසිනුත් වතුර ගලං යද්දි.. අවසානෙ කිලිටි ඇඳුමෙන්ම කට පිහා ගත්ත හෝබ කෙල්ල දිහා බැලුවා....
ඒත් කෙල්ල ලෝභ කමින් හෝසොක්ගෙ කට දෙපස ඒ සිනිදු දෑත් වලින් පිහල දැම්ම.

Sera : අපි මොනහරි කාල ඉමු හෝසොක් ම්ම්.. 🥺

JH : මට බඩකිනි නෑ සේරා..

Sera : ඇයි ඔයා මෙහෙම ඉන්නෙ 🥺...
මගෙන් පලිගන්නද ???

JH : කවදාවත්ම නෑ සේර... ඔයා මට මොනව කලාටද 🥺...

Sera : ම.. මට තාම මගෙ ඇස් අදහ ගන්න බෑ දෙයියනේ මේ ඔයාමද ඉන්නෙ කියල...
එකපාරක් ඇඳපු ඇඳුම ආය නොඇන්ද...
කව්රුත් කාපුව නොකාපු..
අච්චර ලස්සනට ඉඳපු ඔයා...
ඇයි දෙයියනේ මෙහෙම පිස්සෙක් වගේ ජීවත් වෙන්නෙ කාගෙන් පලිගන්නද ?? 🥺

JH : මගෙන් සේරා...
මගෙන් මම පලිගන්නවා ....
ඔයාට රිද්දපු වාරයක් ගානෙ මම විඳවනවා...
ඔයා කොච්චර දුක් වින්දද කියල මතක් කර කර මමත් ඒව විඳිනවා...

𝐀𝐫𝐛𝐢𝐭𝐫𝐚𝐫𝐲🍁 𝐉𝐇𝐎𝐏𝐄 ( Complete )Where stories live. Discover now