2_

104 44 2
                                    

-"අපේ මේ නර්තන පුහුණු විද්‍යාලයේ සංවත්සරය ලබන මාසෙ. ඉතින් හැමදාම වගේ ඔයාලා හැමෝගෙම දක්‍ෂතා පෙන්නන්න ප්‍රසංගයක් අපි සූදානම් කරල තියෙනවා. ගැළපෙන අයව ගැළපෙන අංගවලට යොමු කරන්න අද ඉඳලා අපි පටන් ගන්නවා."

එපමණක් කියා පුහුණුකරු නිහඬ වුණු තැන ශාලාව පුරා පැතිර ගියේ සිසුන්ගේ උද්‍යෝගිමත් හඬවල් ය. රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් පවා සහභාගි වන සංවත්සර ප්‍රසංගයේ වැදගත් අංගයකට පෙනී සිටීමට සියල්ලන්ට ඇවැසි වී තිබිණි.

එහෙත් අනෙකුන්ගේ ප්‍රීතිමත් කතා බහ මැදින් හිස බිමට නැඹුරු කරගෙන ශාලාවෙන් ඉවත්ව යන හෝසොක්ව ජිමින්ගේ ඇස ගැටුණි. ඔහුගේ ගැටලුව හොඳින්ම දන්නා නමුත් ජිමින් හෝසොක්ගේ පසුපසින් ගියේ වදනකින් හෝ තම මිතුරාට අස්වැසිල්ලක් වීමේ බලාපොරොත්තුවෙනි.


බීම ටින් දෙකක් මිලට ගත් ජිමින් හෝසොක් අසළට ගොස් ඉන් එකක් විවෘත කර ඔහු අත තැබුවේ ය. නිහඬවම එය අතට ගත් හෝසොක් සෙමින් එය පානය කිරීමට ඇරඹුවේ ය. මිනිත්තු කිහිපයක් යන තුරුම ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුත් වදනක් හෝ නොදෙඩුවෝ ය.

වදනක් පවා පිට කර ගත නොහැකි තරමට හෝසොක්ගේ සිත තුළ දැඩි දුකක් ඉහිරී තිබුණි.

කෙතරම් දේ පැවසීමට අවැසි වුව ද කොහෙන් ඇරඹිය යුතු දැයි නොදැන ජිමින් චකිතයට පත්ව සිටියේ ය.

අවසානයේ නිහඬතාවයට තිත තබමින් ජිමින් කතා කළේ ය.



ඇතැම්හු අඳුරට අත වනා, එහි අතරමං ව අනතුරුව පසුතැවෙති.

GLOOM  || JHS || ✅Where stories live. Discover now