5_

78 36 1
                                    

-"හෝසොකා, කරුණාකරල මං කියන නිසාවත් එක වතාවක් උත්සාහ කරලා බලන්න."

දිනයේ විසි හය වෙනි වතාවට ද ජිමින් හෝසොක්ගෙන් අයැද්දේ ය.

-"ඒක මට ගැළපෙන දෙයක් නෙවෙයි වෙන්න ඇති ජිමින්. ඒ නිසා තවදුරටත් උත්සාහ කරන එක බොරු වැඩක් වෙයි."

හෝසොක් ජිමින්ගේ අයැදීම ඉවත හෙළා දැඩිව සිය මතයේ එල්බ සිටියේ ය.

-"එහෙනම් මොකටද ඔයාට මේ තරම් හොඳ ටැලන්ට් එකක් තියෙන්නෙ. ඔයා ඔයාගෙ බය නැති කරගන්න නම් එක වතාවක් හරි උත්සාහ කරන්න ඕනි. ඩොක්ටර් කිව්වෙත් එහෙමනෙ."

ජිමින්ගේ ප්‍රචණ්ඩ වාග් හමුවේ හෝසොක් බරැති සුසුමක් වා තලයට මුසු කළේය. කළ යුත්ත කුමක්දැ යි ඔහුට නිසියාකාරව සිතා ගත නොහැකි විය.

-"මතක තියාගන්න...තොටියෙක්ට හබලක් විතරක් තිබිලා වැඩක් නෑ...පදින්න ඔරුවක් නැත්තං. අනිත් එක කොහොමටවත් ඔයා ඔරුවක් නැතුව ඉන්න ඕනෙ කෙනෙක් නෙවෙයි."

එසේ කියූ ජිමින් එතනින් පිටව ගියේ කළකිරුණු සිතැතිව ය.

-"මං උත්සාහ කරන්නම්..."

හෝසොක්ගේ වදන් ජිමින්ගේ දෙපා නවතාලීමට සමත් විය. ඔහු ආපිට හැරී හෝසොක් දෙස බැලුවේ තම දෙසවන් විශ්වාස කිරීමට නොහැකිව ය.

-"මොකක්ද ඔයා කිව්වෙ...?"

-"ඔයාට මාව ඇහුණා."

මද සිනාවක් පෑ හෝසොක් ජිමින්ගේ උරහිසට තට්ටුවක් දමා එතැනින් නික්මුණේ ය.


අඳුරේ සිට ආලෝකය දෙසට පා තැබීමට සිතීම ජයග්‍රහණයේ පළමු පියවර වේ.

GLOOM  || JHS || ✅Where stories live. Discover now