chapter 3

911 234 10
                                    

ජන්ග්කුක් තුරුලේ හිටිය යූනා එකපාරටම ජන්ග්කුක්ගේ තුරුලෙන් ඈත් උනේ දෙයක් මතක් උනා වගේ.

🐰 ඇයි මැණික 🥺🥺

💙 අපි ඉක්මනට යමු කුකී 🥺🥺

කෙල්ල එහෙම කියලා ජන්ග්කුක්ගේ අතත් අරන් බන්ගලාවෙන් යන්න හැදුවත් ආයි නතර උනේ ඉස්සරහ ඉන්න කෙනාව දැකලා.

🧑 හහ් හහ් හා...😂😂😂
තමුසේ හිතුව ද අපේ පරම්පරාවේ නම්බුව විනාස කරලා මේ හිගන්නා එක්ක පැනලා යනකම් අපි බලන් ඉන්නවා කියලා..

💙 ඔ..ඔප්පා 🥺🥺
චේබල් මට යන්න දෙන්න..
මන් මැරුන කෙනෙක් විදියට ඉන්නම්🥺🥺

🧑 මැරුන කෙනෙක් විදියට තමයි කොහොමත් තමුනුයි මේ හිගන්නයි දෙන්නාම ඉන්නේ..මන් ආවේ තමුන්ලා දෙන්නාගේ මරන වරෙන්තුව නිකුත් කරන්න..

අල්ල ගන්නව මුන් දෙන්නාව..

ජේහ්‍යුන්ග් එහෙම කියනවාත් එක්කම බන්ගලාව පැත්තෙන් මහා හුලගක් හමාගෙන ආවේ හරියට ජන්ග්කුක් - යූනා ලගට ලන් වෙන්න දෙන්නෙ නෑ කියන්න වගේ..

ඒත් එක්කම මෙච්චර වෙලා වැහිලා තිබුන බන්ගලාවෙ දොර ජනෙල් එකපාරටම විවෘත උනා.

🐰 එන්න යමු..

කෙල්ලගේ අතින් අල්ලගත්ත ජන්ග්කුක් එහෙම්ම කෙල්ලවත් ඇදන් දිව්වේ බන්ගලාව ඇතුලට.. බන්ගලාවේ මේ වෙනකම් සිද්ද උන දේවල් එක්ක ජේහ්‍යුන්ග් වගේම එයාගේ යාලුවොත් එකපාරටම ඒක ඇතුල්ට අඩියක් තියන්න බය උනා.

මොකද මේ බන්ගලාව ලගින් ගියපු කෙනෙක්වත් තාමත් හරි සිහියක නෑ..එක්කො මැරිලා, නැත්තන් පිස්සු හැදිලා..ගමේ මිනිස්සු කාලයක් බැලමෙහෙවර කරමු ජන්ග් බන්ගලාව දැන් බලන්නත් බයයි..අඩුම ලගින් යන්නවත් බයයි.

🧑 ගිහින් අරුන් දෙන්නාව අල්ලගන්නවා.

ජේහ්‍යුන්ගේ අනට හැමෝම හුලග කපාගෙන බන්ගලාව ඇතුලට යන්න පටන් ගත්තා.

මේ අතරේ ජන්ග්කුක් කෙල්ලවත් ඇදගෙන ගිහින් තිබ්බේ බන්ගලාවේ මිනිස්සු බයටම වහලා දැම්ම කාමරයටමයි..ඇතුලේ බැදිලා තිබ්බ මකුලු දැල්, දූවිලි තට්ටු අවුරුදු ගානකින් මේ කාමරය ඇරලා නෑ කියන්න හොද සාක්ෂියක් උනා..
කාමරය පොලවේ තනිකරම තිබ්බේ ලී..ඒ නිසාම පොලොව හුගක් සීතල ගතියක් තිබ්බා.

Ghost Lover 💀❤️ || Completed ||Where stories live. Discover now