True story

923 198 26
                                    


🚫 මේක ඉන්දියාවේ තමිල්නඩු ප්‍රාන්තයේ පොඩි ගමක වෙච්ච සත්‍ය සිදුවීමක් 💥💥💥💥

ඒ වගේම මේක ටිකක් ඉතිහාස කතාව..1980-90 කාලේ උන දෙයක්..මන් ඉතින් එච්චර කාලයක් පස්සට ගත්තේ නෑ..දැන් තාක්ෂණයත් එක්ක මන් ලිව්වේ..

මේ දේ ගැන තාමත් ඒ ප්‍රදේශයේ මිනිස්සු කතා කරනවාලු..ඉතින් තාමත් ඒ ගේ ලගට රෑට කවුරුත් යන්නෙ නෑ..දැන් නම් හැබැයි ඒ ගෙදර හුගක් දිරාපත් වෙලාලු තියෙන්නේ..

හැබැයි එක යුවලක් අද වෙනකම්ම තාමත් කිසිම බයක් නැතුව මේ ගේ ඇතුලට යන එන එක වෙනවා..ඒකට හේතුව තමයි ඒ දෙන්නාව බේර ගත්තේ මේ ගේ ඇතුලේ හිටපු අමනුශ්‍ය ආත්ම කියලා එයාලා දෙන්නා අදටත් විශ්වාස කරන එක.

කතාවේ හැටියට තමිල්නාඩු ප්‍රාන්තයේ තිබ්බ ගොඩක් පොඩි ගම්මානයක තමයි මේ ගේ තිබිලා තියෙන්නේ...මේ ගෙදර කොච්චර ලොකුද කියනවා නම් ඒ ගමේ කොයි පැත්තේ ඉදන් බැලුවත් මේ ගෙදර උඩ හරිය පේනවලු..

මුලු ගමේම මිනිස්සුන්ට වැඩ දීලා තියෙන්නේ මේ ගෙදර අය තමයි..ඒ තරම් සල්ලිකාර පවුලක්..අක්කර ගානක වතුවල වැඩ කරලා තියෙන්නෙත් ගමේ මිනිස්සූ..හැබැයි මේ ගෙදර පිරිමින් කියන්න පුලුවන් දෙන්නයි ගෙදර ඉදලා තියෙන්නේ..අනිත් ඔක්කොම වගේ ගෑනු අය.. ( දරුවෝ, එයාලගේ බිරිද )

ඉතින් මේ පිරිමි දෙන්නාගේ නංගි කාලයක් යනකොට කොල්ලෙක්ට ආදරේ කරලා තියෙනවා.මේ කොල්ලා මේ ගෙදර වැඩ කරන ගෑනු කෙනාගේ පුතා..ඉතින් දෙන්නා හොරෙන් ගමේ තැන් තැන් වල ආදරේ කරලා තියෙනවා..කොල්ලා කෙල්ලගේ ගෙදරට රෑට තාප්පෙන් පැනලා ඇවිල්ලා උදේට ගෙදර යනවලු...ඉතින් ඔහොම ඉන්නකොට මේ දේවල් කෙල්ලගේ අයියලා දැනගන්නවා..ඊට පස්සේ දෙපාරක් තුන් පාරක්ම කෙල්ලටයි කොල්ලාටයි අවවාද කරනවා මේක නවත්තන්න කියලා..

හැබැයි කෙල්ලවත් කොල්ලවත් ඒක නවත්තන්නෙ නෑ...ගමේ මිනිස්සු දැනගත්තොත් පවුලට අවනම්බුවක් වෙයි කියලා හිතලා අන්තිමට කොල්ලා මේ ගෙදරට එනකම් නිදි වගෙ ඉදලා අයියලා දෙන්නා කෙල්ලවයි කොල්ලාවයි පොලුවලින් ගහලා මරලා දාලා කාමරේම වලලනවා..කාමරේ ලොකු ඉබ්බෙක් දාලා වහලා ගෙදර හිටපු ගෑනු අයට මේ ගැන කාටවත් කියන්න එපා කියලා තර්ජනය කරලා තියෙනවා.

Ghost Lover 💀❤️ || Completed ||Where stories live. Discover now