special chapter - 2

476 143 7
                                    

පාන්දර 4ට කොරියාවට ලෑන්ඩ් කරන නිසා ජිමින් ඉක්මනට ලෑස්ති වෙලා එයාගේ ඇමරිකා ඉන්න යාලුවාව එක්කන් එන්න ගියා..යූනාත් නැගිටලා එයාගේ අතින්ම කෑම හදන්න පටන් ගත්තා..

හෝසියෝක් නැගිටලා පහලට එනකොට ජිමින් එයාගේ යාලුවාවත් එක්කගෙන ගෙදර ඇතුලට ආවා..සේරි නම් තාම ලෑස්ති වෙනවා..

🐥 ඔම්මා...අප්පා...කොහෙද ඔයාලා ??

ජිමින් එයාගේ යාලුවාවත් එක්කගෙන ඇතුලට ඇවිල්ලා මුලු ගේම දෙදරන්න කෑ ගැහුවා..

💙 චිම්...හිමීට කතා කරනවා...
අපේ කන් ඇහෙනවා තාම..

යූනා කිචන් එකේ ඉදන්ම ජිමින්ට බැන බැන එලියට ආවත් ජිමින් එක්ක ඉන්න කෙනාව දැකලා එහෙම්ම නතර වෙලා ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා..
යූනාට එයාගේ ඉස්සරහ ඉන්න කෙනාව දැකලා අදහගන්න බෑ...ඇස්වලට කදුලු උනනකොට යූනා කෙලින්ම තව ටිකක් ලන් වෙලා එයාගේ මූන දිහා බැලුවා..

ඒත් එක්කම ජිමින්ගේ කටේ සද්දෙට පහලට ආපු ජන්ග්කුක් පවා පඩිපෙල උඩම නතර වෙලා එයාගේ ඉස්සරහ පේන්න තියෙන රූපේ දිහා ඇසුත් ලොකු කරන් බලන් ඒ ඉන්නේ එයාමද කියලා හිත එක්ක ලොකු සටනක් කෙරුව...

යූනාකුක් දෙන්නා කටවල් ඇරන් එයා දිහා බලන් ඉන්නකොට එයා ලැජ්ජාවටම බිම බලාගත්තා.. මේක තවත් බලන් ඉන්න බැරි කමට ජිමින් කතා කරන්න පටන් ගත්තා..

🐥 ඔම්මා මේ මගේ හොදම යාලුවා...
ටේහ්‍යුන්...කිම් ටේහ්‍යුන්...
ටේහ්‍යුන් මේ ඉන්නේ මගේ ඔම්මා...
එතකොට අර ඉන්නේ අප්පා..
අර කොනේ කට ඇරන් ඉන්නෙ මගේ හ්‍යුන්ග්..එයාව ගනන් ගන්න එපා..එයාගේ මොලේ ටිකක් හිමීට වැඩ කරන්නේ..

එයාගේ මොලේ ටිකක් හිමීට වැඩ කරන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Ghost Lover 💀❤️ || Completed ||Where stories live. Discover now