special chapter 3

708 159 41
                                    

After 4 years

💙 ඔයා ඔය අඩනවාද කුකී ??

යූනා ඇහුවේ ෆුල් කිට් එක ඇදලා හොටෙල් එක ඉස්සරහ අහස දිහා බලාගෙන ඉන්න ජන්ග්කුක්ගේ අතින් අල්ලලා..

🐰 එයා හුගක් ලොකු වෙලා යූනා..
මගේ ප්‍රින්සස් හුගක් ලොකු වෙලා...
එයා අද අපිව දාලා යනවා..
මට දුකයි..

💙 කෙල්ලො හැදුවොත් එයාලව කවදාම හරි දවසක අපෙන් ඈත් කරන්න වෙනවා තමයි කුකී.. අපේ ප්‍රින්සස් යන්නේ නිකන් කෙනෙක් ලගට නෙමෙයි කුකී...එයාගේ ආත්ම ගානක ආදරේ ලගට..

ඔව්..අද සේරිගේ වෙඩින් එක...එදා පිජාමා කිට් එකෙන් ඉදන් ටේහ්‍යුන්ව දැක්ක කෙල්ල පලවෙනි දවසෙන්ම ටේහ්‍යුන්ට ආදරේ කරන්නත් ටේහ්‍යුන් සේරිට ආදරේ කරන්නත් ගත්ත එකේ ප්‍රතිඵලයක් විදියට අවුරුදු හතරකට පස්සේ අද සේරි - ටේහ්‍යුන් දෙන්නාගේ වෙඩින් එක..

මේ වෙනකොට හෝසියෝක්ගේ අයිඩල් ජීවිතේ නිසා එයා මැරි කරලා නැතත් ෆියොන්සේ කෙනෙක් නම් ඉන්නවා..එතකොට ජිමින් නම් මැරි කරලා අවුරුද්දක පුංචි පුතෙක් ඉන්නවා..අද එයාල ඔක්කොගෙම ප්‍රින්සස්ගේ වෙඩින් එක නිසා හැමෝම හුගක් බිසි වෙලා ඉන්නේ..

🐰 එයාලා කිව්ව විදියටම මේ ආත්මෙත් එකතු උනා නේද ?? මට සතුටුයි එයාල දෙන්නාව එකතු කරන්න හවුල් කාරයෙක් උන එකට...මගේ හිතට අද ලොකු නිදහසක් දැනෙනවා යූනා..හරියට ලොකු ණයකින් නිදහස් උනා වගේ..

💙 හ්ම්..මටත්...අපි අපේ ණය ගෙව්වා කුකී...
දැන් නිදහසේ මැරෙන්න පුලුවන්...

🐥 ඔයාල දෙන්නා ඔතනට වෙලා ලව් කරනවාද ??
මන් මේ හැමතැනම හෙව්වා..ටේහ්‍යුන්ගේ ෆැමිලි එක ඇවිල්ලා ඉන්නේ...අප්පා නංගිව එක්කන් එන්න...

දරුවත් උස්සගෙන ජිමින් ඇවිල්ලා කෑ ගහනකොට යූනාකුක් දෙන්නාට හිනා ගියා..ඔක්කොටම වඩා අද ජිමින් සතුටින් ඉන්නේ..ඒක එයාගේ ඇස්වලින් පේනවා..කොච්චර රන්ඩු කරත් ජිමින් සේරිට පන ඇරලා..එයාගේ නංගි එයාගේ හොදම යාලුවාව තෝර ගත්ත එකට ජිමින්ට කියාගන්න බැරි සතුටක් තියෙන්නේ..

💙 ඔයා යන්න කුකී...
ගිහින් අපේ ප්‍රින්සස්ව එක්කගෙන එන්න...

Ghost Lover 💀❤️ || Completed ||Where stories live. Discover now