chapter 5

852 216 5
                                    

කෙල්ල කියපු විදියටම හරියටම රෑ 10ට ටේහ්‍යුන් බන්ගලාවේ පිටිපස්සේ තාප්පෙන් පැනලා කෙල්ලගේ කාමරයට එන්න පුලුවන් උනා.

❤️ ටේ 🥺🥺

තමන්ගේ ඉස්සරහ තමන්ගේ ආදරේ ඉන්නවා දැක්කාම කෙල්ලගේ හදවත වගේම කොල්ලාගේ හදවතත් බෙර ගහන්න ගත්තේ සතුට දරාගන්න බැරුව.

ජනෙල් පඩිය ලග හිටගෙන හිටිය ටේහ්‍යුන් ලගට කෙල්ල හෙමින් හෙමින් අඩිය තියලා ගියේ හිතේ ගැස්මත් එක්කමයි.

හිමීට අඩිය තියලා ගිය කෙල්ල එයාගේ චූටි ඇගිලි මුලින්ම ගෙනිහින් තිබ්බේ ටේහ්‍යුන්ගේ කම්මුලේ.. ඒ දැනෙන ස්පර්ශයට කොල්ලාගේ ඇස් වැහුනේ ඉබේටමයි..

කම්මුලේ තිබ්බ අත්...හිමින් සීරුවේ වහන් ඉන්න ඇස්වලටත්, දිග ඇහි පිහාටු දිගේත් අරන් ගිහින් නහය දිගේ ඇගිල්ලක් අරන් ගිහින් කෙලින්ම නතර උනේ ටේහ්‍යුන්ගේ පිරිපුන් තොල් වල..

❤️ ඔයා ලස්සනයි

තමන්ට දැනෙන පහස ඇස්වහගෙන දරාගෙන හිටියත් කෙල්ලගේ සිනිදු ඇගිලි ටේහ්‍යුන්ගේ තොල් මත රැදුනාම තවත් නම් දරාගෙන ඉන්න බෑ කියලා ටේහ්‍යුන්ට තේරුනා..

හිමීට ඇස් ඇරලා කෙල්ලගෙ කම්මුලෙන් එයාගේ දිග ඇගිලි තියෙන අත තියලා කෙල්ලගේ ඇස් දිහා බැලුවේ පීච් ගෙඩි වගේ තියෙන කෙල්ලගේ රතු තොල් තමන් සතු කරගන්නද අහන්න වගේ...

ටේහ්‍යුන්ගේ ඇස්වලින් ඒ හැගීම තේරුම් ගත්ත කෙල්ල ටේහ්‍යුන්ට අවසර දීලා තමන්ගේ ඇස්වහ ගත්තා..ලද අවසරෙන් ටේහ්‍යුන් කෙල්ලගේ තොල් අතර තමන්ගේ තොල් අරන් ගියේ ආදරණීය හෝරාවක් දෙන්නාටම එකතු කරලා...

🐯 මන් දැන් යන්නම් මැණික 🥺🥺

ආදරෙන් කෙල්ලගේ නලලට හාදුවක් දීලා එ ඇස් දිහා ටිකක් වෙලා බලන් ඉදලා අකමැත්තෙන් උනත් ටේහ්‍යුන් එදා කෙල්ලගේ කාමරෙන් පිට වෙලා තාප්පෙන් පැනලා ගෙදරට ගියා..

පලවෙනි දවස මේ වගේ ආරම්භ වෙනකොට කෙල්ලගේ හිතේ ටේහ්‍යුන් ගැනත් ටේහ්‍යුන්ගේ හිතේ සේරි ගැනත් තිබ්බා ආදරය තවත් දලු ලන්න පටන් ගත්තා..ආදරේ ප්‍රතිඵලය උනේ සතියට දෙපාරක් ටේහ්‍යුන් කෙල්ලගේ කාමරේට ඇවිල්ලා කෙල්ලගේ තොල් එක්ක සෙල්ලම් කරලා යන එක..

ඒ ආපු කිසිම දවසක ටේහ්‍යුන් කෙල්ලගෙ ඇගට කිසිම වෙලේක අකමැත්තෙන් අත තිබ්බේ නෑ..
කොල්ලගේ හිතේ කෙල්ල ගැන තියෙන හැගීම් හැම එකක්ම පිට කරේ ආදරණීය හාදුවකින්..

❤️ ටේහ්‍යුනා..

🐯 හ්ම්ම්

ටේහ්‍යුන්ගේ උනුසුමේ තුරුල් වෙල ඉන්න කෙල්ල ඇහුවේ ජනේලෙන් පේන හද දිහා බලාගෙන..

❤️ ඔයා මාව දාල යන්නෙ නෑ නේද 🥺🥺

🐯 මොනවද මැණික මේ අහන්නේ ?? මන් ඔයාව දාලා කොහේ යන්නද ?? මැරුනත් මන් ඔයත් එක්ක ඉන්නවා..

ටේහ්‍යුන් එයාගේ හුරතල් හිනාව දාගෙන කෙල්ලව බදාගෙන කිව්වා..

❤️ සරන්හේ ටේ

🐯 නාතු සරන්හේ මැණික 🥺🥺

එහෙම කියලා ටේහ්‍යුන් කෙලින්ම කෙල්ලගේ තොල් වලට බර උනා..තොල් අතර දග කරපු ටේහ්‍යුන් හිමිට ඒ තොල් අරන් ගියේ කෙල්ලගේ බෙල්ලට.. කෙල්ලගේ හීන් කෙදිරිලි අස්සේ ටේහ්‍යුන් කෙල්ලගේ බෙල්ලත් එක්ක සෙල්ලම් කරා..

හැබැයි ටේහ්‍යුන් තමන්ගේ හැගීම් කොච්චර ඇවිස්සුනත් එතනින් එහාට අඩියක් තියන්න ගියේ නෑ..කොච්චර මුරන්ඩු උනත් ටේහ්‍යුන්ගේ හිත සේරිගේ අහින්සක හිත හමුවේ , ඒ අහින්සක හිත ඇතුලේ අතරමන් වෙනවා..

ආදරණීය හාදුවකට පස්සේ සුපුරුදු ලෙස කෙල්ලගේ නලලට හාදුවක් තියලා ටේහ්‍යුන් තාප්පෙන් පැනලා සදපානේ ගෙදර ගියා..හැබැයි එවෙලේ තමයි කුණාටුවේ ආරම්භය පටන් ගත්තේ..

ටේහ්‍යුන් තාප්පෙන් පනින එක ගමේ මනුස්සයෙක් දැකලා තිබ්බා..ඉතින් ටේහ්‍යුන්ගේත් , සේරිගෙත් ආදරේ ගම පුරාම පැතිරෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ..මොකද සේරි ටේහ්‍යුන් එක්ක කතා කරන එක දැනටමත් ගම පුරා පැතිරිලා තිබ්බ උනුසුම් පුවතක්.

මේ සේරම සේරිගේ අයියලා දෙන්නාගෙ කන් වලට ගියේ දෛවය හරිම අසාධාරණ විදියට තීරණයක් අරගෙන..


Ghost Lover
නැවත හමුවෙමු❤️

Ghost Lover 💀❤️ || Completed ||Where stories live. Discover now