...බිදුනූ පොරොන්දුව...

275 63 25
                                    


ජන්කුක් නැගිටිද්දී ඔහුට ඇස් පිය ඇලවිලා වගේ වේදනාවක් දැනුනා ඔහුගෙ දෑසින් කදුලූ බිදු පිට වූයේ සිහෙන් වගේ ඔහුට ටේගේ සහ ඔහුගෙ ආදරනීය කාලය සිහිපත් වූ නිස යි.

ජන්කුක් අවදි වෙද්දී ඔහු දුටුවේ සුදු පාට විදුලි බුබුලක් සහ ඔහුගේ අත විවිද බට සවි කර ඇති අයුරුයී ඔහුට අතේ උනුසුමක් දැනුනා ඔහූ අත දිහා බලද්දී සෝ ජන්කුක්ගෙ අතින් අල්ලන් ඇද අසල නිදා සිටින අයුරු දුටුවා..

" අහ්ම්ම් " ජන්කුක්ට කෙදිරි ගෑවුනා.

එකවරම සෝහීට ඒ ශබ්දයට ඇහැරුනා.

" අනේ ජන්කුක් ඔයා නැගිට්ටාද කොහොමද ඔයාට රිදෙනවද  ඉන්න මන් ඩොක්ටර්ව එක්කන් එන්නම් "

සෝහී පැවසුවේ ජන්කුක්ගේ මුහුන දෝතින්ම අල්ලමින් දැඩි සහෝදර පෙමක් සහ යාලුකමක් සහිත ආදරයක් ඇස් තුලින් ජන්කුක් ට පෙනෙද්දී ය.

ජන්කුක් ට එ වෙලාවේ තමා පිලිබද දැඩී කෝපයක් සහ තමන්ගේ එකම යාලුවා වන සෝහී ට බැන වැදුනු එක පිලිබදව  විශාල පසුතැවීමක් ඇති උනා.

සෝහී දුවගෙන ගියේ ඩොක්ටර් කැටුව ඒමටයී ඩොක්ටර් පැමින ජන්කුක්ව පරීක්ශා කර සොහි ට තමාව හමුවන ලෙස පැවසුවා.

සෝහී ඩොක්ටර් මුන ගැහෙන්න ගිහින් ටික වෙලාවකින් නැවත ආපසූ ආවා.

" කූ  යන් ඔයාගේ ටිකට් කැපුවා අපේ ගෙදර යන් හාද මට ඔයාව තනියම තියන්න බැහැ " 

සෝහී ඇස් බෝල කර හුරතලෙන් අහද්දී ජන්කුක්ට ටේහියුන්ව මතක් උනේ නිරායාසයෙන්. ජන්කුක්ගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. ජන්කුක් සෝහී සමග එකග වුනේ තම හදවතට ඇහුන්කන් දීය.

සෝහී ලියා සමග ජන්කුක්ව ඔවුන්ගේ නිවසට රැගෙන ගියා. ජන්කුක්ගෙ ඔලුව තුල උත්තර නොමැති ප්‍රශ්න රාශියක් තිබුනත් ඔහුගේ මුව ගොලු වී තිබුනේ සත්‍ය කුමක් වේවිදැයී ඇති වූ බිය නිසා ය.

ජන්කුක්, සෝහී , ලියා විසිත්ත කාමරයේ අසුන් ගෙන සිටියේ මුහුනු බිමට නැබුරු කරගෙන ය. ලියා එතනින් පිටව ගියේ මිත්‍රයන් දෙදෙනාට කතා කිරීමට අවශ්‍ය දේවල් කතා කර ගැනීමට හැකි වන අයුරිනි.

" කූ සමාවෙන්න " සෝ මිමිනුවේ මුහුන බිමට නැබුරු කරන්.

" මටත් සමාවෙන්න සෝ "

එකවරම දොර විවර වී ඇතුලට ආවේ ජින්. ඔහු වේගයෙන් පැමින ජන්කුක් ව බදා ගත්තේ ආදරයෙන් සහ බියෙන්.

" මොනා ද උනේ සෝ ඇයී කූ හොස්පිටල්.... ආයිශ් මොකද්ද සෝ ඔයා එයාට වුනු පොරොන්දුව කැඩුවට අහ්හ් "

සෝ කදුලු පිරුනු ඇස් වලින් ඔලුව සෙලෙව්වේ ඔව් යැයි පැවසීමට යි.

"මට සමාවෙන්න ඔප්පා එයා මගේ ඔප්පාට බනිද්දී මට කේන්ති ගියා ඒ විකාර පොරොන්දුව නිසා වෛරයක් හිතේ තියන් ඔයාගේ මල්ලි මගේ යාලුවා දුක් විදිනවා. මගේ ඔප්පා එයා එයාටවත් සැනසීමක් ලැබෙන් නැහැ මේකෙන් කාටහරි හොදක් වෙනවා නම් පොරොන්දුවක් වුනත් කැඩුවට පාපයක් වෙන් නැ . මන් කලේ හදවත කියපු දෙය ."

සෝහී පවසන්නේ ඉකි ගස ගස හඩමින් ය. ජින් ට සෝහීගේ වේදනාව දැනුනා මොකද ජිනුත් සෝහී වින්ද වේදනාවම වින්ද නිසා. ජින් පැමින සෝව වැලද ගත්තේ ඒ කටුක වේදනාව දුර කිරීමට සිතා ය.

ජන්කුක් ට මේ සියල්ලෙන්ම තේරුන් ගියේ තමා නොදන්න විශාල කතාවක් මෙහී සැගව ඇති බවයි.

" මොකද්ද මෙතන වෙන්නේ " ජන්කුක් ඇසුවේ හදවත වේගයෙන් ගැහෙද්දී වෙව්ලන ස්වරයෙන් ය .















මන් පොතක් හදන්න හිතුවා ඔයාලගේ අදහස් දාලා ඔයාලා මන් ගැන මගේ පොත් ගැන හිතන දේවල් දාලා ඉතිම් කැමතී අය මගෙ පොත් ගැන නිසදැස් , වචන දෙක තුනක් මට කියන් යන්න හාද හී 🤭  වාක්‍ය දෙක තුනක් වුනත් ඇතී මට බලලා සතුටු වෙන්න ☺️

_vampire queen _

ӇЄƛƦƬ ᵗᵃᵉᵏᵒᵒᵏ [complete]Where stories live. Discover now