දෙවන කොටස

17 3 0
                                    

හදිසියේ සිදුවූ තම මවගේ වියෝවත් එක්ක සුවී හිටියෙ හරිම වේදනාවෙන්..
ගහයි පොත්තයි වගේ අම්ම එක්ක හරි ආදරයෙන් හිටිය සුවීට මේ අහිමිවීම දරාගන්න අමාරු උනා..
ඒත් කාලයත් එක්කම සුවී හැම දේටම හුරු උනා..
ඉස්සර නිදගන්න ටිකටත් අම්මව හෙව්ව සුවී දැන් හැමදේම ටිකින් ටික තනියම කරගන්න පුරුදු උනා..
වටින් පිටින් ඇනුම් බැනුම් අහගෙන ඒවත් ඉවසගෙන සුවී කොහොමහරි ටික ටික නැගිට්ටා..

අතරින් පතර ජීවතයට යන එන ආදර කතා තිබ්බත් සුවී බලපොරොත්තු වෙන විදියෙ ආදරයක් ඒ කාගෙන්වත් ලැබුනෙ නෑ..

කාලයත් එක්කම සුවීට මුනගැහුනේ හීනෙකින්වත් බලපොරොත්තු නොවූ කෙනෙක්..
සුවී තමන්ගේ නිවසේ පිටත ආලින්දයේ වාඩි ගෙන ඉද්දී හැමදාම දකින දසුනක් තමා,
තමාට වඩා අවුරුදු කිහිපයකින් බාල පිරිමි ලමයෙක් ඔවුන්ගේ නිවසේ පිටත ආලින්දයේ සිට සුවී දෙස විපරම් කරන අයුරු..

මුලින් මුලින් සුවී මේ ගැන ලොකුවට නොසිතුවත් දෙදෙනාම සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ කතා කිරීමට පටන් ගත් පසු කාලයත් එක්කම හැමදේම ටිකින් ටික වෙනස් වීමට පටන් ගත්තා...
සුවීට මේ ගැන ලොකු අවබෝධයක් නොතිබ්බත් තමාටත් යම් කිසි දෙයක් ඔහු වෙනුවෙන් හැගෙන බව සුවී දැනන් හිටියා..
ඒත් කෙල්ල කාටවත් ම නොකිය මේ දේවල් හිතේම තියන් හිටියේ "මේවා කවදාවත් සිද්ද නොවෙන දේවල් නේ" කියල හිතලා..

ඒත් කාලයත් එක්කම දෙන්නට දෙන්නගෙ නොගැලපීම් නොපෙනෙන තරමටම ආදරයෙන් බැදෙන්න පටන් ගත්ත..
මැසේජ් වලින් පටන් ගත්ත කතාව දුරකථන සන්වාද සිට හමුවීම් දක්වා දුරදිග ගියා..

මේ ගැන ඉව වැටුණු දෙමව්පියන් ඔවුන්ගේ මැදිහත් වීමෙන් දෙන්නව වෙන් කරන්න හැදුවත් ඒක නම් කරන්න පුලුවන් උනේ නෑ..වෙන් කරන්න උත්සාහ කරන හැම මොහොතකම දෙන්නගෙ බැදීම තවත් තද උනා මිස ලිහිල් උනේ නම් නෑ...

මැදියම් රෑWhere stories live. Discover now