හය වන කොටස

15 2 0
                                    

**************************************

දෙදෙනාම දෙනෙත් වලින් හැදිනගත් ආදරය ගැඹුරු සම්බන්ධයක් දක්වා දිව ගිහින් හමාරය..

ඒත් සුවී ගේ හිතේ වේදනාව නම් හරි ඉක්මනට සුව කරන්න පුලුවන් දෙයක් නෙමෙ..දින සති මාස ගෙවී යයි..සුවී ගෙ හොද කල වයසත් ගෙවිලා යන නිසා කසාදයක් කරගන්න කියල සුවීගෙ ගෙදරින් එකම පොරේ..
සුවීගේ හිතෙත් ඒ ආසාව නැතුවම නොවේ..ලස්සනට පොඩි වෙඩින් එකක් අරන් මනමාලියක් වෙන්න කෙල්ල කවදත් ආස කරා.සුවීගෙ යාලුවො කසාද බදිද්දී "අනේ මට කවද මෙහෙම බදින්න ලැබෙයිද?" කියන සිතුවිල්ල නිසා කෙල්ල ගොඩක් මානසිකව වැටිලා හිටියේ..

සුවී හැමදාම කැමති උනේ හරි සාමාන්‍ය ජීවිතයකට..කොච්චර ප්‍රශ්න තිබ්බත් හිතේ වේදනාවෙන් හිටියත් සුවීට ඔහුව අමතක කර වෙන කෙනෙක් ගැන සිතීමට හිත දුන්නේම නැත..

කෙල්ල හැමදාම අඩ අඩ හරි ඔහු ගෙ පහසම හොයන්නෙ වෙන කෙනෙක් ගෙන් එහෙම ආදරයක් නොලැබුන නිසා වගේම කෙල්ල ඔහුට අසීමාන්තිකව ප්‍රේම කරන නිසාමය..

ගෙවල් වලින් පැමිනෙණ දැඩි විරුද්ධතාවය හමුවේ වුවද දෙදෙනාම , දෙදෙනාට අවන්කව විශ්වාසවන්ත ව සිටීමට එකග විය..ඔහූගේ අධ්‍යාපන වැඩ වලට සුවීට හැකි පමණි න් සහය වී ඔහුත් සමඟ හොද ගමනක් යෑමට ඇය සිත හයිය කරගත්තාය..
ඒ කැප කිරීම කිරීමට හැක්කේ සැබෑ අදරයකටම මිස වෙන කිසිවකට නොවේ..
ඔහුත් සුවීට දෙවෙනි නැත..
බාධක ප්‍රශ්න හමුවේ ඇයව අත නොහැර
ඇගෙ අතින් අල්ලාගෙන මේ ගමන යාමට ඔහුත් ඇයට හයිය ක් විය..
ඔහු කිසිදා ඇගේ අත අතහැරීමට කැමති වූයේ නැත..

නොගැලපීම් ගැලපීම් කරගෙන ජීවත් වෙන්න දෙන්නෙක්ට පුලුවන් නම් තව මොනවද....

බාධක ගැරහුම් තුල නොසෙල්වී
තම ආදරය රැකගෙන අවසානය තෙක් අවන්කව සිටිය හැකි නම් ඊට වඩා තව දෙයක් නැත..

මැදියම් රෑWhere stories live. Discover now