🤫🤫🤫🤫🤫💀

1.8K 235 40
                                    

..

..

..




..ටක් ටික්..ටක් ටික්..ටක් ටික්..


පරන තාලෙ බිත්ති ඔරලෝසුවේ බට්ටා දෙපැත්තට වැනෙද්දි මාත් ඒ තාලෙටම කකුල් දෙක පැද්දුවා..ගරාදි වැට මුදුනෙ ඉඳගෙන හිටිය මං පද්දපු පැද්දිල්ලෙ හැටියට ගැලවෙන්න පුළුවන් නම් මෙලහට මගෙ කකුල් දෙක ගැලවිලා විසි වෙලා ගිහින් වීදුරු පහනෙ ඇමිනිලා ඇබරිලා ගිහින්..මං කම්මුලට අතකුත් ගහන් ගේ වටේ ඇස් කරකවල දැම්මා..බංගලාව පුරා දෝංකාර දුන්නු ඔරලෝසුවෙ බට්ටා පැද්දෙන සද්දෙට සිවිලිමේ හිටිය වවුල්ලුත් ඉදලා හිටලා බය වෙලා විසිරිලා යද්දි උන්ගෙ පවුල් ටික කැඩෙන්න ගලක් ගහගන්න බැරිව මං ලත වෙවී හිටියා..මට මේකුන්ව පේන්න බෑ..දකින දකින තැන ගහන්නමයි හිතෙන්නෙ..

ඒ උනාට අද මට ඇස් පිල්ලම් ගහන්නවත් කම්මැලී අප්පා..කකුල් දෙකත් මේ හෙලවෙනවට හෙලවෙනවා..අර ජරා ඔරලෝසුවෙ තියෙන්නෙත් මහ මූසල සද්දයක්..කොයි වෙලේ බැලුවත් දෙපැත්තට පැද්දෙනවා..ඒකත් හරියට ජෙනියගෙ ඇවිදිල්ල වගේ..එක පැත්තක් රුසියාවට පැද්දෙද්දි අනික ඕස්ට්‍රේලියාවේ ..ඒ පැද්දිල්ල දිහා බලන් ඉදල අපේ ඇසුත් අංශක 360ටම කැරකෙනවා..පුහ්..ඒකිගෙ පැද්දිලට හරි යන්න නෙවේ තියෙන්නෙ නම් ලෑල්ලකටත් අන්ත පස්සක්..හදිස්සියකට ගහලා දුවන්නත් බෑ අතේ ඇනෙනවා නහර ටික..ඕකි කොහොමද දන්නෙ නෑ ඉදගන්නෙ..ඇයි ඉතින් මස් කලදක් නැති පස්ස පැත්ත පුටුවෙ ඇනෙද්දි රිදෙනවානේ..

ජෙනියගෙ පස්ස ගැන හිත හිත ඉද්දි මට නිකන්ම උඩ බැලුනා..ආයිශ් ..වහිනවත් එක්ක..ඒක තමා මේ වවුල්ලු ටික පවුලත් එක්ක කදමලු බැදන් තැන් මාරු කරන්නෙ..සම්පූර්ණයෙන්ම කලුවරේ ගිලිලා තිබ්බ බංගලාව එළිය කරන ගමන් පත අකුණක් ගහද්දි ඒකෙ පවර් එකට මං අඩි දෙක තුනක් උඩ ගියා..ඒ පාර මොකාද හෙන ගහන බොරු කියලා තියෙන්නෙ..කියන බොරුවලට හෙන ගහපන් කියලා වැහි නැති වෙලාවෙ කිව්වම වහින වෙලාවට හෙන ගහනවා වැහි දෙයියන්ටත් බඩ යන්නම..ඕක තමා හෙන ගහන වැඩ කරන්න එපා කියන්නෙ..ආය ඉතින් වදින එක ඇගට නැත්නම් ළඟ ඉන්න එකෙක්ට හරි වදිනවා ශුවර්..මං කියපු බොරුවලට නම් හෙන ගැහුවෙ අල්ලපු ගෙදරට වෙද්දි මේ වෙලාවෙත් කලින් වගේ හෙන ටික අහකට වදීදෝ කියලා මට බයක් ආවා..කියන්න බෑනෙ වැදුනොත්!!


AM I DEAD❔❕ (yizhan short ff ✔ )Where stories live. Discover now