🤫🤫🤫🤫🤫💀💀💀💀💀

760 188 24
                                    

..

..

..







..කෝ..ඔයා.හ්..කොහෙද ඉන්නෙ..හ්..



  හොකී පිත්තත් කරේ තියා ගත්තු කොල්ලා මහා ලොකු වීරකමක් කලා වගේ කලුවරේම  එහෙටයි මෙහෙටයි
ඇවිදිනකොට මං පුටුවක් උඩට වෙලා කකුල් දෙකත් පද්ද පද්ද ඒ දිහා බලන් හිටියා..පැත්තකට වෙලා පාඩුවේ ඉන්නෙ නැතුව මේකත් මාවම හොයනවා..කොයිතරම් දැගලුවත් වැඩක් නෑ පුතෝ ඔයාට මාව හොයා ගන්න බෑ..අපි රටක් වටින කොල්ලොනේ..එහෙම ලේසියෙන් අපිව බලන්න බෑ..හොද වැඩේ මේකට මකුළු දැල් අස්සෙ රිංග රිංග මාව හොයනවා..ඔච්චර හොයන්න එපා මල්ලියෝ මං ඉන්නෙ මේ ඔයාගෙ ඉස්සරහනේ..



..ඉන්න තැනකින් එලියට එන්නෙ..මං ඔයාට කරදරයක් කරන්නෙ නෑ..


..ආ..හ්..ඇයි මං තමුසෙට බයේ හැංගිලා ඉන්නවා කියලා හිතුවද..අනේ යනවා ඕයි යන්න..හොඳට කන් දෙක ඇරලා බලනවා..මං ඉන්නෙ මෙතන..මෙතන..මෙලෝ දෙයක් පේන්නෙ නැති බීරා..මොකට තමුසෙ වගේ එකෙක්ට මේ ගේ දුන්නද මන්දා..හරියට බලනවා ඕයි මං මේ ඉන්නෙ තමුසෙ ඉස්සරහ තමා..


   ඒකා පිස්සුවෙන් වගේ මාව හොයද්දි ඒ බෙලෙක් කට හඩේ සද්දෙ ඉවසන් ඉන්න බැරුවද කොහෙදො අර අහිම්සක වවුල්ලුත් ආගිය අතක් නෑ..පවුකාර..යා..මේකා එකපාරටම කඩා පාත් වෙලා අපේ සාමකාමී ජීවිතේ කාබාසිනියා කරලා දැම්මා..ගෙදර අයිතිකාරයා උනාට මට මොකෝ..ගෑස් එකක් ගෙනල්ලා ගැහුවත් මං නම් යන්නෙ නෑ..නෑ කිව්වොත් නෑමයි..


    ඉටිපන්දම් එළියෙන් පෙනුණු ඒකගෙ මූන දිහා මං ටිකක් වෙලා බලන් හිටියා ..මොනා උනත් මිනිහා ටිකක් ලස්සනයි ..ටිකකුත් නෙවේ ඉතින් ..කොහොම උනත් පොරට තියෙන්නෙ සුරදූත ලුක් එකක්..තෙමිලා  ඇලිලා තිබ්බ ඇදුම් අස්සෙන් පේන කිරි සුදු පාට ඇඟ දැක්කම නම් මට දාඩියකුත් දාන් ආවා..මොන බොරුද..හොල්මන්වලට දාඩිය දානවද..මං පුටුවෙන් බැහැලා කැරකි කැරකි හිටිය යීබෝ වටේට ඇවිදින්න ගත්තා..ම්ම් උසත් හොදයි..ඇගේ සයිස් එකත් ගාන..කොන්ඩෙත් අවුලක් නෑ ඕන ගානට තියෙනවා..ඕහ්..මේ බෙල්ලෙ ලස්සනට උපන් ලප තුනකුත් තියෙන්නෙ හරියට මගෙ මූනෙ තියෙනවා වගේ..ඇඩම් ඇපල් එකත් හපලා කන්න හිතෙන තරමට ඉස්සරහට ඇවිත් තියෙනවා..නහයෙත් වරදක් නෑ..ඇහි බැමත් අවුලක් නෑ..ඒත් ඒ ඇස් දෙක නම්..අනේ..හ්..මන්දා..ටිකක් නපුරු පාට උනාට ඒ ඇස්වල මොනා හරි වේදනාවක් තියෙනවා වගේ..ඒත් ඇයි ඒ..මොකක්ද වෙලා තියෙන්නෙ..ඒකට උත්තරයක් හොයා ගන්න බැරි වෙද්දි මං හුස්මක් අතෑරලා ඒ තොල් දිහා බැලුවා..ඇයි දන්නෙ නෑ ගිලෙන්නෙ නැති උනත් මට කෙල ගිලුනා..ආ..යි..ශ්.ඇයි අප්පා මේ..මීට වඩා ලස්සන තොල් ඔය ඕන තරම් කෙල්ලන්ට තියෙන්නෙ..ම්ම්ම් හැමෝටම කියන්නත් බෑ..මොකද ඔය හුඟක් කෙල්ලො වැඩිපුරම වියදම් කරලා හදන්නෙ තොල්නේ..අපේ අක්කත් කී පාරක් නම් හැදුවද..එහෙම බලන් යද්දි මෙයා නම් ඇත්තටම හැන්ඩ්සම්නේ..



AM I DEAD❔❕ (yizhan short ff ✔ )Where stories live. Discover now