🤫🤫🤫🤫🤫💀💀💀

874 208 45
                                    

..

..

..





..හ..යි..යෝ..මට..බෑ..මගෙ..කො..න්ද..



  අරකා සනීපෙට පුටුවෙ පැද්දෙනකොට මං පස්සත් උඩ දාන් බිම පත බෑවිලා හිටියා..මුට තියෙන්නෙ ලේසි පහසු බරක් නෙවේ..ඉපදෙන්න ඉද්දි අම්මා අලි මස් ගිලලා වගේ..ඇයි යකඩෝ මං දගලපු දැගලිල්ලක් එලියට පනින්න..අන්තිමට දගලලා දගලලා එලියට පැන ගත්තත් මාව විසිවෙලා ගිය පාර හොම්බ බිම ඇනුනා..මං මේකට විරුද්ධයි සුවාමීනී..මට නීතියේ පිහිට දැඩි වශයෙන් අවශ්‍යයයි..මේකව දැන්ම පන්නන්න වෙනවා..තවත් මූව තියාගන්න බෑ..එහෙම උනොත් මට පන පිටින් ඉන්නවත් ආත්මයක් ඉතුරු වෙන්නෙ නෑ..

මං කොන්දටත් අත තියාන් එහෙම්මම නැගිට්ටා..මට රිදෙන්නෙ නම් නෑ තමා..ඒ උනාට සමහර වෙලාවට සමහර මනුස්සයන්ට පුළුවන් මට රිද්දන්න..ඒ මොන වගේ අයටද කියන්න දන්නෙ නෑ..ඒත් ඔය සමහරු නිසා මට ආත්මයක් උනත් රිදෙනවා..මූත් ඒ ජාතියේ එකෙක් එහෙනම්..අතාරින්නෙ නෑ..හිටපන්..මගෙ කොන්ද කැඩුවට මං පලි ගන්නවා..........හ්.....


  මිනිහට පුටුවෙ ටිකක් පැද්දෙන්න දීලා මං මෙයින් ස්විච් එක පැත්තට ගියා..ගේ පරන නිසා ලොකුවට කරන්ට් එක නැති උනත් යාන්තමට හරි එලියක් ගන්න පුළුවන් ..කොන්ද අතෑරපු මං උඩ පැනලා ස්විච් එක පහලට ඇද්දා..තප්පරයක්වත් යන්නෙ නැතුව ගෙදරින් බාගෙකම ලයිට් පත්තු වෙන්න ගත්තා..යීබෝ කියන එකා ඉටිපන්දමත් පැත්තක දාලා ඇස් දෙක ලොකු කරන් නැගිට්ටා..පුදුම වෙලා වගේ ගේ වටේ බලන්න ගද්දිම මං ආයෙම උඩ පැනලා ලයිට් ටික ඕෆ් කලා..හුලං ගියා වගේ කොල්ලගෙ මූන අඳුරු වෙද්දි මං ආය ලයිට්ස් දැම්මා..ඒකට පුදුම වෙන්නවත් වෙලාවක් නොදී මං ආය ඒවා නිවද්දි මගෙ වෙලාවටමද කොහෙදො සමහර ලයිට්ස්   එකපාරම නිවි නිවී පත්තු වෙන්න ගත්තා..ලොකු වීදුරු පහන නම් චිරි චිරි සද්දයක් දාලා ආයෙ පත්තු නොවෙන්නම ගහලා යද්දි කොහෙදෝ නැති ලයිට් එකක් බිමට වැටිලා සද්දෙට කුඩු වෙලා ගියා..වවුල්ලු ටිකත් කලබල වෙලා කේලම කියන්න වෙන පැත්තකට පියාබලා යද්දි මං කලිසමත් උස්සගෙනම ගැම්මෙන් පිටිපස්ස හැරුනා..



AM I DEAD❔❕ (yizhan short ff ✔ )Where stories live. Discover now