🤫🤫🤫🤫🤫💀💀💀💀💀💀💀💀💀

751 201 29
                                    


..

..

..


  හිත ඇතුලෙන් අකුණක් පුපුරලා යනවා වගේ දැනෙද්දි මට කතා කර ගන්න වචන හොයා ගන්න බැරි උනා..ආ..යිශ්..මේ පාරත් අකුන ගැහුවෙ මගෙ හිතේ නෙවේ අහසේ..ඇයි දන්නෙ නෑ මං ශොක් වෙන හැමවෙලේම හිතේ හෙන පුපුරන්නෙ නැතුව අහසෙ හෙන ගහන්නේ..ඒ ගමන මොන විකාරයක්ද මේ පිස්සා කියවන්නේ..මං ජීවත් වෙනවා? ඒක කොහෙත්ම වෙන්න බෑ..මගෙ ඇස් ඉස්සරහමයි මං මැරුනේ..ආ..හ්..ඒක නම් ටිකක් පිස්සු කතාවක්..ඒත් මං දන්නවා මං මැරිලා කියලා..නැත්නම් මට පුළුවන් ද මෙහෙම ඉන්න..මං දැනටමත් ආත්මයක්..ගුලි කාලද මූ මේ අගේට ආත්මයක් වෙලා ඉන්න මං ජීවත් වෙනවා කියන්නේ..


..මට කිය..නවා..ඇත්තටම මොකද උනේ..මට කියනවා..

යීබෝ අතින් හොලව හොලව මගෙන් ප්‍රශ්න කරද්දි මගෙ ඇස් කෙලින්ම ගිහින් නැවතුනේ ඒ ඇස් ළඟ..ඉටිපන්දම් එලියටද කියන්න දන්නෙ නෑ මං දැක්කෙ ඒ ඇස් තෙත් වෙලා වගේ..මොනාටහරි අඩන්න වගේ ඒ ඇස් තෙත් වෙලා තිබ්බා වගේම කටහඩත් වෙව්ලුවා..ටිකක් හයියෙන්..නිකම් කලබලෙන් වගේ හුස්ම ගත්තත් එක්ක..ඇයි ඒ..මේ කොල්ලට පිස්සුද නැත්නම් මගෙ හැන්ඩ්සම් මූන දැකලා ශොක් වෙලාද...


  හෝ හෝ පොඩ්ඩක් ඉන්න..හැන්ඩ්සම් මූන..මොකක්ද මං ඒ කිව්වෙ..මගෙ මූන!! හිතා ගන්නවත් බෑ..සති දෙකක් ගිහිල්ලත් මං මැරෙද්දි හිටිය විදිහමයිනේ..මූන ටිකක් සුදුමැලි වෙලා තොල් වේලිලා ගිහින් විතරයි නේ..කුනු වෙලා ඇති කියලා හිතුවට මගෙ කිසි වෙනසක් වෙලා නෑනේ..ඔය ඉතින් මැරෙන්න කලින් ගාපු ෆේස් පැක්වල පිහිට තමා..ඒකටද කොහෙදො මේ මෝඩයා බය වෙලා මං තාම ජීවත් වෙනවා කියලා හිතන්නෙ..මහ මෝඩයෙක්නෙ මේකා..මන් මැරිලා..මං ජීවත් වෙන්නෙ කොහොමද ..


..සී..න්..තමුන්ට මාව ඇහෙනවද..මට කියනවා..මේ

..හෝ..හෝ..ඔහොම ඉන්නවා..මං ඔහේට මගෙ නම කිව්වෙ නෑනේ..කොහොමද මගෙ නම..

..දැන් ඒකඳ මෙතන වැදගත්..මට කියනවා තමුසෙ මොන හේතුවක් උඩද හිතන් ඉන්නෙ තමුසෙ මැරිලා කියලා..මේ බලනවා තමුසෙ තාම ජීවත් වෙනවා..

AM I DEAD❔❕ (yizhan short ff ✔ )Where stories live. Discover now