🤫🤫🤫🤫🤫💀💀

977 223 41
                                    

..

..

..







වැටෙන්න ගියපු කලිසමත් උස්සන් මං හොරාගෙ පස්සෙ යන්න ගත්තා..මූ නම් ඕනාවට වැඩී..පුදුම විදිහටනෙ මේකා මේ ගෙදර බඩු දිහා බලන්නෙ..බැලුවා විතරක් නම් මදෑ..රෙදි කෑල්ලකුත් අරන් දූවිලි පිහ පිහ අවුස්සනවා..උසට සුදුවට ලස්සනට හිටියට මොකෝ මුගෙ නම් කිසි හැදියාවක් නෑ..පස්සත් දික් කරගෙන දගලන හැටි විතරක්..හිටුකො ඔහොම..තාම දන්නෙ නෑනේ මං වගේ වැඩ්ඩෙක් මේ ගෙදර ඉන්නවා කියලා..


  ඒකටත් ඇද කරලා මං කෙලින්ම ගියේ උඩම තට්ටුවට..වටයක් කැරකිලා ගලක් හොයා ගත්ත මං එක ඇහැක් වහන් දිවත් පැත්තට දාලා අත කරකවලා ඇරියා ශොට් එකක් ....ආය ඉතින් වැදුණු පාර කෙලින්ම වවුලො සෙට් එක ඇවිස්සෙන්න ගත්තා..මෙච්චර වෙලා රත්තරන් ඇයි ඔයතරම් ගණන් කිය කිය හිටිය එකා පනත් කඩාගෙන ඔලුව බදන් කොහෙටදෝ මන්දා දිව්වා..ගහපු ශොට් එකට මුලු බංගලාවෙම හිටිය වවුල් පරපුර ඇවිස්සිලා තියෙද්දි මටවත් ඔලුව උස්සගන්න බැරි තරමට උන් කඩි කාලා වගේ කෑ ගහන ගමන් පියෑබුවා..තවත් හිටන් ඉන්න බැරි තැන මං ගරාදි වැටට කකුල තියලා පහල තට්ටුවට පැන්නා..මොන තරම් උඩක ඉඳන් පැන්නත් මට රිදෙනවා කියලයෑ..


මං යද්දිත් හොර කොල්ලා මුල්ලක ඉඳගෙන හරව හරව ෆෝන් එකට ගහනවා..පොල් කඩන්න වගේ ෆෝන් එක උස්සපු ඉස්සිල්ලෙන් නම් මට පෙනුනෙ මේකා මේ සිග්නල් හොයනවා වගේ..ඉතින් යකඩෝ ඉඳන් හිටියාම සිග්නල් හම්බෙනවද..නැගිටලා හොයපියකෝ..මං එහෙම්මම පිටිපස්සෙන් ගිහින් හොරාගෙ ෆෝන් එකට එබුනා..ආවු..ශ්...බැට්‍රිත් නෑනේ..ඔය වැඩ කරන්නෙ නැති පරන ෆෝන්,පරන වොශින් මැශින්,කැඩිච්ච බයිසිකල්, පරන ෆ්‍රිජ් ,බෝතල් පත්තර මං බාර ගනු ලැබේ..ඔන්න ඕක දෙන්න මෙයා...මං හොද ගානකට විකුණලා ඔයාට අලුත්ම අලුත් බේසමක් අරන් දෙන්නම්..


  ඒකා ෆෝන් එක අරන් කැරකෙන ටිකට මං පටස් ගාලා ෆෝන් එක ඇදලා..වන් ශොට් නොකවුට්..කෙලින්ම ෆෝන් එක ගුවන් ගත උනා විදුරු පහන උඩටම..පවු අප්පා..ෆෝන් එකේ අතේ කියලා හිතන් තාම කැරකෙනවා..ඕ..හ්..දැන්ද කොහෙදො දැක්කෙ ෆෝන් එක නෑ කියලා..මේකට සිහිය නෑනෙ ඉතින් ..ඒ පාර කැරකි කැරකි හැමතැනම ෆෝන් එක හොයනවා..මේකා ටිකක් බය වෙලත් වගේ..හුහ්..බය වෙන්නෙ නැතුවයෑ අතේ තිබ්බ ෆෝන් එක එකපාරටම අතුරුදහන් උනාම..ටෝච් එකකුත් නැති එකේ කොල්ලා තනිකර කලුවරේ..ඒ උනාට මට නම් සේරම පේනවා..මං අත් දෙකත් පිටිපස්සට බැදන් හොරා වටේ කැරකෙන්න ගත්තා..ඇදන් හිටිය ඇදුම් සේරම තෙමිලා ඇගටම ඇලිලා..වෝහ්..මෙන්න මූට සික්ස් පැක් එකකුත් තියෙනවා..ජිම් යනවා ඇති..මං එහෙම්මම මගෙ ලේ ගෑවුනු කමිසෙ උස්සලා බැලුවා..සැක් මොන පැක්ද..මැරෙන්න කලිනුත් මං සතියක්ම කෑම එපා කියලා උපවාස කරානේ..දැන් තමා හිතෙන්නෙ ඒ කර ගත්තෙ මොන පවක්ද කියලා..අන්තිමට මට එක ඇබ්ස් එකක්වත් නැති කටුසු හොල්මනක් වෙන්න උනානේ..



AM I DEAD❔❕ (yizhan short ff ✔ )Where stories live. Discover now