❤ පලමු දිගහැරීම 💚

1.7K 121 12
                                    

චීනයේ chongqin පලාතට අයත් යූයැන්ග්  ප්‍රදේශය කියන්නෙ නැගනහිරින්  හූනාන් පලාතට හා නිරිත දෙසින් ගුෂියෝ පලාතට මායිම් වෙච්ච ප්‍රදේශයක් . මෙම ප්‍රදේශය තුල  බහුලවශයෙන් වගා කටයුතු  සිදු කරන අතර ඊට ගැලපෙන දේශගුනික තත්වයන්ගෙන්ද යුක්තයි. වසරේ මාස කීපයක් සීත කාලගුණික තත්වයක්ද ඉතිරි මාස කිහිපය සාමාන්‍යය උශ්නත්වයක් සහ වර්ශාපතනයක්ද සහිත මෙම ප්‍රදේශයේ ප්‍රදාන වශයෙන් ඖෂධ පැලෑටි වගාව ප්‍රචලිතය. ඖෂධ නිශ්පාදන කර්මානතයේදී සුලව භාවිතාවන ඖෂධ 1200ක් පමණ මේ ප්‍රදේශයේ වගාකෙරෙයි. ඊට අමතරව එක් එක් කාලවලදී ගැලපෙන එලවලු වර්ග හා පලතුරු වර්ග වගාවද සිදු කෙරේ.ජල මූලාශ්‍ර සුලබව පවතින නිසාත් නිසි කලට වැසි ලැබෙන නිසාත් මෙම ප්‍රදේශයේ වගාවන් සාර්ථක මට්ටමින් පවත්වාගෙන යාමට ගොවීන්ට හැකියාව ලැබේ.

ඖෂධ වගාව සදහා බොහෝ පිරිසක් උනන්දුව දක්වන අතර එලවලු වගාව සදහා උනන්දු වන්නේ ඉන් අඩකට ආසන්න පිරිසකි . නමුත් සෑම නිවසකම පාහේ අත්‍යාවශ්‍ය එලවලු කීපයක් හෝ වගා කෙරෙන අතර ගොවිතැන ජීවනෝපාය කරගත් පිරිස තම අස්වැන්න විකුනා මුදල් ඉපයීම සිදුකරයි.

මෙම ප්‍රදේශයේ ඉතා අලංකාරවත් ලෙස සෑදූ නිවාස කිහිපයක් පමණක් ඇති අතර ඉතිරි නිවාසවලින් බොහොමයක් සාමාන්‍ය පරිදි ඉදිකර ඇත ඒ අතරට තවත් නිවාස කීපයක් පැල්පත් ලෙසින්ද පවතී.

යූයැන්ග් ප්‍රදේශය හරහා ගමන් ගන්නා ඕනෑම අයෙකුට නිරන්තරයෙන් දැකිය හැකි වන්නේ  හෙල්මලු ආකාරයට හෝ සාමාන්‍ය ආකාරයට වගා කල කුඹුරු යායවල් , නොයෙක් වර්ගයේ එලවලු හා පලතුරු වගා බූමි සහ ඖෂධ පැලෑටි වගා කල භූමි ය .

දිව යන ප්‍රධාන මාර්ගය ඔස්සේ මද දුරක් ගම්මානය ඇතුලතට ගමන් කිරීමේදී හමුවන එක් අතුරු මාවතක් ඔස්සේ ගමන් ගත් පසු එහි ගමනාන්තයෙන් විශාල ප්‍රමානයේ මනාව ඉදිකල ගෙවත්තක් සහිත විශාල නිවසක් දැකිය හැකි වේ. ගම්මුන් "බංගලාව" ලෙස හදුන්වන මෙම නිවස උරුමයෙන් වෛද්‍යවරයකු සතුවේ. නමුත් දැන්  මේ නිවසේ කිසිවෙක් පදිංචිව නැත . වෛද්‍යවරයා සහ ඔහුගේ පවුලේ උදවිය හූනාන් නගරයේ පදිංචිව සිටින අතර නිවස ගමට රාජකාරි සදහා  පිටතින් පැමිනෙන ඇතැම් පුද්ගලයන් සදහා කුලියට ලබාදීම සිදුකරයි. නිවසේ නඩත්තු කටයුතු වෛද්‍යවරයාගේ මිතුරෙකු විසින් සිදුකරනු ලබන අතර ඒ සදහා වෛද්‍යවරයා විසින් ඔහුට යම් මුදලක ගෙවීමක් සිදුකරනු ලබයි. එමෙන්ම නිවසට කවුරුන් හෝ කුලියට නතරවීමට පැමිනි පසු ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉශ්ඨ කර දෙන්නේද මේ මිතුරා සහ ඔහුගේ පවුලේ අය විසිනි.

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now