හවස හය පමන වන විට බංගලාව බොහෝ දුරට පිලිවෙලක් කර ගැනීමට ඔවුන්ට හැකිවිය. නමුත් තවමත් පොඩි පොඩි වැඩ කටයුතු කීපයක් ඉතිරිව ඇත්තේය..
යීබෝ දහවල් ආහාරය නොගෙන පැමිනි නිසා යැන්ලි ගොස් ඔහුට ආහාර ලබා දී නැවත පැමිනෙන්නට ඇසුවත් ශියාඕ මහත්මිය ඊට එකග වූයේ නැත.. ශියාඕ මහතා කට්ටිය වැඩ කරන අතරතුරේ යූයැන්ග් නගරයට ගොස් ගෙනා කෑම පාර්සල් ඔවුන් සියලු දෙනාටම ප්‍රමානවත් බැවින් ලීසා ,යැන්ලිට යීබෝව නිවසට ගෙන ගොස් ආහාර ලබාදීමට ඉඩ නොදුන්නාය..
එනිසා යැන්ලිට රාත්‍රී ආහාර වේල සැකසීමට අවශ්‍යතාවයක් නොවීය.නිවසේ දහවල සදහා සැකසූ ආහාර වලින් ආහාර ලබාගෙන ඇත්තේ කුවාන් පමනක් නිසා හවස හය පසු වුවත් තවත් නිවස අස්කිරීමට ඔවුන්ට හැකිය. නමුත් ශියාඕ මහත්මිය ඊටද ඉඩ නොදුන්නාය. උදෑසන සිට වැඩ කිරීම නිසා ඔවුන් සියල්ලන්ම සිටින්නේ වෙහෙසට පත් වී බව ඇය හොදින් දැන සිටියාය. මන්ද ඇයත් ඔවුන් හා සමානවම වැඩ කල නිසා ඇයටද ඇගේ පැතේ වේදනාවන් දැනෙමින් තිබිනි. එනිසා හෙට දින යලිත් පැමිනෙන්න යැයි පවසා යීබෝ ඇතුලු පිරිස පිටත් කර හැරීමට ඈ කටයුතු කලාය. පිටවී යාමට පෙර නැවත වරක් ඔවුන්ට දීර්ඝ දේශනයක් දෙන්නටද ඈ අමතක නොකලාය..
නිවසට පාගමනින් පැමිනෙන අතර තුර යැන්ලි,
දූ මොකද්ද ඔයා අර මිනිස්සු ඉස්සරහ හැසිරිච්ච විදිහ ආ..
ඇයි මොකද කලේ.. චාඕ විමසුවේය.
උදේ ගිය වෙලාවෙ ඉදන් එයාගෙ හැසිරීම අන්තිමයි අද නම්.
ඇයි ? යැන්සි මුන කලු කරගනිමින් ඇසීය.
ඇයි තමා , උදේ ගියපු වෙලාවෙ ඉදන් ශෙනී බේබි මෙයා එක්ක කතාවට එන්න හදනව මෙයා හරියට ලොකු කෙනා වගේ ඒ ලමයව ගනං ගන්නෙ නැතුව කියන ඒවටත් හරහට එක එක ඒව කිය කිය හිටිය. අනික මොකද්ද අර පොත් පෙට්ටිය දීපුවම ගිහින් තියන්න කියලා ඒක අරගෙන ගිය විදිහ ලොකු නෝනටත් ගස්සගෙන ගියෙ ගිහින් ඩොං ගාලා ඒක බිමට අතඇරියා.
ඇත්තද දූ අම්ම කියන්නෙ
යැන්සි ගෙන සද්දෙයක් නැත.
YOU ARE READING
🏡The Abode of Destiny 🏡❤ zhanyi ff 💚( ongoing )
Fanfictionහැමදේම වෙන්නෙ හොදටයි කියනව නෙහ් 😌