❤️ දහනවවන දිගහැරීම 💚

317 106 18
                                    

කේක් එක බේක් වෙන්න අවන් එකට දාපු ලීසා මැඩම් බටර් ටිකක් අරගෙන බෝල් එකකට දාලා ඒකට තව හිම වගේ සුදු පාට කුඩු ජාතියකුත් දාලා හොදට කලවන් කරන ගමන් ඒකට කොකෝවා පවුඩර් එතකොට චොක්ලට් පාට කලරින් එක්ක දියර කිරි ටිකක් දාලා හොදට කලවම් කරා..

ඊට පස්සෙ කේක් එක බේක් උනාම කතා කරන්න කියලා මැඩම් ගෙට ගියා..ශෙනී ජියේත් ඒ පස්සෙන්ම ගෙට යන්න යනකොට මායි අම්මයි විතරක් කුස්සියෙ ඉතුරු උනා...

" අම්මා ඔයා කේක් හදන්න දන්නෙ නැද්ද.."

දන්නව පුතූ..

" අපිත් දවසක ගෙදරදි එකක් හදමුකෝ "

අනේ මැනික අපිට අවන් එකක් එහෙම නෑ නෙහ් ඉතින් ..

"අවන් නැතුව හදන්නම බැරිද.."

පුළුවන් ඒක එච්චර සාර්තක නෑ.. ඉතින්

......

ඊට පස්සෙ මම මොකුත් කිව්වෙත් නෑ.. අම්මා මොකුත් කිව්වෙත් නෑ.. විනාඩි හතලිහකට විතර පස්සෙ එක පාරම අවන් එකෙන් ටිං ගාලා සද්දෙයක් ආවා.. එතකොට අම්මා ගිහින් සාලෙ හිටපු ලීසා මැඩම් ව අඩගහගෙන ආවා..

මැඩම් ඒ කේක් එක මැද්දට පොඩි හීනී කෝටු කෑල්ලකින් ඇනලා බලලා ඒක එලියට අරගෙන තැටිය ගලවලා පැත්තකින් තියලා කේක් එක සුදුපාට කොල අලවපු බෝඩ් එකකින් තියා ගත්තා...

ඒක නිවෙන්න තියලා මැඩම් ශාන්ගීට කතා කරන ගමන්  ගේ ඇතුලට යන්න ගියා.. ඊට විනාඩි ගානකට පස්සෙ ශාන්ගී කාර් එක ස්ටාර්ට් කරගෙන කොහේදෝ යන්න යන සද්දෙ මට ඇහුනා..

ඒ ගිය ශාන්ගී පැය බාගෙකට විතර පස්සෙ ආයෙත් ගෙදර ආවත් නිකමටවත් කුස්සිය පැත්තට නම් ආවෙ නෑ... අනේ මට දුකයි නෙහ් ඉතින් ...😩

කොහොම හරි ඊටත් විනාඩි විස්සකට පස්සෙ ලීසා මැඩමුයි ශෙනී ජියේයි දෙන්න ඇවිත් අර කේක් එකට ආයෙත් මොනවද කරන්න පටන්ගත්තා...

හරි නෙහ් 😀 ඉස්සෙල්ලා හදලා තියෙන්නේ අයිසින් නෙහ් ... දැන් එයාලා හදන්නේ කේක් එක අයිසින් කරන්න...

මාත් ඉතින් ඒ දෙන්නා ගාවට ගිහින් හොදට හරිබරි ගැහිලා මේසෙට හේත්තුවක් දාගෙන අයිසිං කරන විදිහ බලාගෙන හිටියා

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now