❤️ දාහත්වන දිගහැරීම 💚

309 102 16
                                    

ශාන්ගී ගේ කාර් එක යනකන් ඉදලා අපිදෙන්නත් එන්න ආව. ගෙදරට එද්දි වෙනදා වෙලාවට වඩා විනාඩි දහයක් විතර පරක්කු වෙලා තිබුනත් ඒක ඒ තරම් ප්‍රශ්නයක් උනේ නෑ.. මොකද ශූයැන්ග් ගෙ විස්තරේ ගෙදර අයටත් කියන්න පුලුවන් නිසා.. කොහොම උනත් මගේ වාසනාව කියන්නෙ මම අද බංගලාවට යන්න ඕනෙත් නෑ මොකද කූග'ගායි ජියේයි දෙන්නම අද ගෙදර ඉන්නව..

කොහොම උනත් ඔය කේලමාට තේරෙන්න අරින්න ඕනෙ මේ යීබෝ තරහ උනොත් එච්චර ලේසියෙන් යාලුවෙන්නෙ නම් නෑ.. කියලා .. හහ්

මම නාලා කාලා දීලාතිබ්බ ඉස්කෝලෙ වැඩ ටිකත් කරලා ශූයැන්ග් ගෙ පොත හදන්න පටන් ගත්තා.. ඉස්කෝලෙන් අපිට පොත් හදන්න කිව්වට මොකෝ කවදාවත් අපි හදපු පොත් අපේ ගුරුවරු කියවලා නම් බැලුවෙ නෑ.. ඔය පොත් මිටියම එකතු කරගෙන ගිහින් ,ඕව බලන්න පටන්ගද්දි මුල්ම පොත් දෙක තුන නම් අකුරක් නෑ ඇර කියවලා බලලා ලකුණු දෙනව. ඊට පස්සෙ පොත් හත අටක උඩින් පල්ලෙන් ඡේද දෙක තුනක් කියනව ඊටත් පස්සෙ ඔහේ පිටු පෙරලගෙන  යන ගමන් තැනින් තැනි වචන දෙක තුනක් කියවනව... අන්තිම හරියට යනකොට පොතේ බරට අනුව තමා ලකුණු හම්බවෙන්නෙ.. පොත අතට අරගත්තම පිටු ගොඩක් තියනව නම් ,බරට දැනෙනව නම් වැඩි ලකුණකුත් පොත සැහැල්ලුයි නම් අඩු ලකුනක්ත් දාලා පහුවදාට ආයෙම අපිට බෙදලා දෙනව.. ඒක හින්දා හැමදාම පිටු ගානක පල්හෑලි ටිකක් ලියන එකාට ලකුණු තියනව, අවශ්‍යම කරුනු ටික විතරක් පැහැදිලිව ලියලා සරලව හදන එකාට ලකුනු නෑ.. ඉතින් ඒක හින්දා ශූයැන්ග්ගෙ පොත මම හැදුවා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
කාටවත් අහුවෙන්නෙ නෑ.. අපි දෙන්නගෙ පොත් දෙකේ සමානකම් කවුරුත් දකින්නෙ නෑ..

පැය දෙකක් විතර වෙන් කරලා සාමාන්‍ය විදිහට අඩුත් නැතුව වැඩිත් නැතුව පොත හදාගත්ත මම පොත් ටික අස්කරලා දාලා කාමරෙන් එලියට ආව....

අම්මා එන්න තව පැය බාගෙයක් විතර තිබ්බ  හින්දා ගෙයින් එලියට ආපු මම කූ ගා'ගා  ඉන්න දිහාවට ගියා .. මේ දවස් ටිකේම හරියට වැස්සක් වැටිච්ච නැති හින්දා එයා පාත්ති වලට වතුර දදා ඉද්දි මම ගිහින් ඒ ලගට වෙන්න තිබ්බ කොටයක් උඩින් ඉද ගත්තා..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now