❤️ බෝනස් 💚

285 109 20
                                    

ඩීඩී.. චුට්ටක් මගෙ ඔලුව අතගාන්න බැරිද...

ඈ .. මේ.. මම...ශාන්ගී ගෙ ඔලුව අතගාන්න...

ම්ම්ම්.. බැරිද චුට්ටක්  ...

කෝමද ඉතින් මම බෑ කියන්නෙ එයාගෙ මූන බලාගෙන මම හා කියන්න ඔලුව වැනුවා

මම හා කිව්ව ගමන්ම එයා ඇද වියලට හේත්තුකරගෙන හිටිය කොට්ටෙ අරන් මගෙ ඔඩොක්කුවෙන් තියලා හොදට හරිබරි ගැහිලා මගෙ ඔඩොක්කුවෙන් නිදා ගත්තා..

හී..හ් අයියෝ.. ලැජ්ජයි නෙහ් අප්පා.. දැන් එයාගෙ පපුව හොදට පේනව... ආයෙමත් මගෙ කන් දෙකට ලේ පුරනව දැනෙද්දි මම ලැජ්ජාව පැත්තකින් තියලා හිමීට මගෙ අත එයාගෙ නලලෙන් තිබ්බා.. තියලා ඊට පස්සෙ ඇගිලි හිමීට හිමීට එයාගෙ කොන්ඩෙ අස්සෙන් අරගෙන යන ගමන් ඔලුව අතගාන්න පටන්ගත්තා.. මම නලලට අත තියනවත් එක්ක එයාගෙ ඇස් පියවිලා ගියා වගේම කොන්ඩෙ අස්සෙන් අගිලි අරගෙන යනකොට එයා සනීපයි ඩීඩී කියලා කිව්වා... පැය බාගෙකට වඩා මම එයාගෙ ඔලුව අතගාල තියෙද්දි ඒ මුලු වෙලාව පුරාම එයා ඇස් දෙක පියාගෙන හිටියා. එයා ඒ විදිහට ඇස් පියාගෙන හිටිය එකෙන් ප්‍රයෝජන ගත්ත මම ඒ ඉටිරූපයක් වගේ මූන මදි නොකියන්න රස වින්දා.. ගානට තියන ඇහි දිග නාසය ලස්සනට පියවිලා තියන ඇස් චිත්‍රයක ඇන්දා වගේ තියන තොල් දෙති වගේම් ඒ ලස්සන තොල් පෙතිවලට යටින් තියන පුංචි කලු පාට ලපය එයාට අංගසම්පූර්න මූනක් හිමිකරලා දීල තිබ්බා... ඒ ලස්සන මූන මට අතගාලා බලන්න හිතුනත් එයා නිදි නැති නිසා ඒ ආසාව පාලනය කරගෙන තවත් චුට්ටක් වෙලා ඔලුව අතගගා ඉදලා එයාගෙ නලලට හිමීට තට්ටුවක් දැම්මා. ඒ තට්ටුවත් එක්ක එයා ඇස් ඇරලා ඇයි කියලා අහද්දි මම ඇස් වලින් සුප් බන්දේසිය පෙන්නුවා..

බඩගිනිත් නෑ ඩීඩී ඒත් ඔයා ගෙනාව නිසා ටිකක් බොන්නම්කෝ... කියන ගමන් මගෙ ඔඩොක්කුවෙන් නැගිටලා ආයෙමත් හිටපු විදිහටම ඇදට හේත්තු උනා.. එයා හේත්තු  උනාම මම බන්දේසිය පිටින්ම එයාගෙ අතට දෙන්න හදද්දි ,

ඇයි ඉතින් ඕක මගෙ අතට දෙන්නෙ...

............ මම ඇයි අහන්න එක ඇහිබැමක් උස්සගෙන එයා දිහා බැලුවා

ලෙඩ්ඩුන්ට සලකන්නෙ ඔහොමද අප්පා...එයා මූනත් බෙරි කරගෙන පොඩි එකෙක් වගේ මගෙන් අහද්දි ඇත්තටම මට හිනා ගියා..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now