❤️ අටවන දිගහැරීම 💚

390 111 12
                                    

පසු දිනත් නිවාඩු දිනයක් වූ නමුත්  යීබෝ බංගලාවට නොයා නිවසේ රැදී සිටියේය.. චාඕ අලුත්  එලවලු පාත්තියක් දැමීමට වත්තේ රැදෙන බැවින් යීබෝට තනියක් නොවීය.. පියා සමග වත්තටවී සිටීමට හැකි නිසා බංගලාවට යාමට අවශ්‍යතාවයක් නොමැති බව පවසමින් යීබෝ නිවසේ රැදී සිටියේ එහි යාමට සිත තුල යම් බියක් ඇති වූ නිසාය..

තම මව පිටවී ගිය පසු පියා සොයා ගෙවත්ත දෙසට ඇවිද ගිය යීබෝ අලුතින් ගෝවා පාත්තියක් සකසමින් සිටින පියා අසලින් ඇණතබා වාඩි වූයේය..

( "ඇණ තියලා ඉදගන්නව" කියන එක ඔයාලා දන්නව නේද..😁)

කොම්පෝස්ට් පොහොර හා මතුපිට පස් නියමිත අනුපාතයට මිශ්‍ර කර, ඒවා කලින් සෑදූ පාත්තියේ මතු පිටින් අතුරා මුල්ලුවෙන් මදක් කලවම් කර ගත් පසු තවානෙන් ගලවා  ගත් කුඩා ගෝවා පැල නියමත් පරතරය තබා ගනිමින් පාත්තියේ සිටුවීම සිදුකරයි. ඉන් පසු ඍජුව හිරු එලියට නිරාවරනය වීම වැලැක්වීම සදහා වියා ගත් පොල්ලතු පාත්තියට ඉහලින් සෙවිලි කිරීමක්ද සිදුකල යුතුය. අවසානයේ පැලවලට හානි නොවන අයුරින් ජලය සම්පාදනය කර පැල වලට පලිබෝදකයින්ගෙන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරයි..

චාඕ මේ සියලු කාර්‍යයන් සිදු කරන තෙක් යීබෝ ඒ අසලට වී හිදිමින් ඔහුට අවශ්‍ය අත් උදව් ලබාදුන්නේය . පසුව දෙදෙනාම එක්වී මීට දින කීපයකට පෙර සිටුවන ලද තක්කාලි පැලවල ආවරනය ඉවත් කර අවශ්‍ය ජලයද සම්පාදනය කලේය.

මෙසේ ටිකෙන් ටික දිනය ගෙවී ගොස් සන්ධ්‍යා කාලය උදාවූ අතර යැන්ලිත්, යැන්සිත්, කුවානුත් නිවසට පැමින සිටියේය.. රාත්‍රී ආහාරය පිලියල කරන අතර තුරේ යැන්ලි කියා සිටියේ හෙට දින සිට ශියාඕ මහත්මිය පාසලේ රාජකාරි භාරගන්නා බව පැවසූ බවයි...

යීබෝ හා යැන්සි පාඩම් වැඩ වලටත් කුවාන් හා චාඕ දවසේ ආධායම් වියදම් පිලිබද සාකච්චා කිරීමටත් යැන්ලි ගෙදර දොරේ වැඩපල වලටත් ඉතිරි පැය කීපය වෙන් කල අතර පසුව සියල්ලෝම නින්දට ගියහ.

පසුදා උදෑසන සුපුරුදු පරිදි එකිනෙකා තම තමාගේ වැඩ කටයුතු සදහා පිටව යද්දී යිබෝ මිතුරන් දෙදෙනා සමගින් පාසල වෙත ගමන්කරමින් සිටියේය.. බංගලාවට යන අතුරු මාර්ගය පසුවී මද දුරක් ඉදිරියට ගමන් කරමින් සිටි තිදෙනාට පිටිපසින් පැමිනෙන වාහනයක ශබ්දය ඇසුනු නිසා ඔවුන් ඒ දෙස බැලුව්වෙය..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now