මොකුත් කිව්වෙ නැති උනත් මම ආයෙත් එයාව බදා ගත්තා... දන්නව මම ගත්තෙ එක අතකට බලද්දි වැරදි තීරණයක් කියලා ඒත් දැන් මම ඒ තීරණය අරන් ඉවරයි.. ශාන්ගී කිව්ව වගේම මමත් කවදාවත් එයාව දාලා යන්නෙ නෑ.. හදිස්සියෙවත් මැරුනොත් ඇරෙන්න...තවත් ටිකක් වෙලා එයාට තුරුල් වෙලාහිටිය මම එයාගෙන් ඈත් වුනේ ඇස් වල තිබ්බ කදුලුත් පිහදාගෙන.
මම ඈත්වෙලා එයාගෙ මූණ දිහා බැලුවම එයා ලස්සනට හිනාවෙලා මගෙ නලලට දිග...සිපුමක් තිබ්බා.. මිට කලින් එක පාරක් එයා මගෙ හිස්මුදුන ඉබලා තිබ්බට නලල ඉබලා තිබ්බෙ නෑ ඉතින් අපේ ආදර කතාවෙ ආරභයේදීම මට හම්බවෙච්ච එයාගෙ ඒ ආදරනීය හාදුව මට කවදාවත් අමතක වෙන්නෙ නැතිවේවි.. අනික් කාරණය තමයි මට ඒ කිස් එකෙන් ලොකූ දෙයක් දැනුනා..හරියට ඒකනිකන් ආරක්ෂාවක් වගේ. ඒත් එයාගෙ ඒ උනුසුම් සිනිදු තොල්පෙති මගෙ නලලේ ගෑවෙනකොට මට ඒ දැනුන හැගීමට මම ආරක්ශාව කියලා නම දුන්නට ඇත්තටම ඒකෙ ආරක්ශාවකට එහා ගිය දෙයක් තියනවා කියලා මම හොදටම දන්නව.
බෝ බෝ
....
මට ඉක්මනට ඔයාගෙ ඔය භාශාව උගන්නන්න..... හරිද..
" ඇයි ඒ හදිස්සියෙම "
නිකන් ඉතින් එතකොට ලේසි නෙහ්...
හා...
දැනටමත් ශාන්ගී මම පෙන්නන සමහර සංඥාවල තේරුම දැනගෙන හිටියත් එයාට මම කියන ඔක්කොම දේවක් හරියටම තේරුම්ගන්න බෑ... ඉතින් ඒක අපි දෙන්නගෙ ආදරේට බාදාවක් වෙයි කියලා හිතිලාදෝ කොහෙද ශාන්ගීඑහෙම කිව්වම මම ඒකට කැමති වුනා...
අදම පටන් ගමුද...
"හා"
මෙතන ඉදන්ම කරමු එතකොට කාගෙන්වත් බාදාවක් නෑ.. ශෙනී ආවොත් ඇරෙන්න...
මම හා කියන්න ඔලුව වනලා මගෙ දකුනු අතේ මහපට ඇගිල්ලයි, දබර ඇගිල්ලයි ,සුලගිල්ලයි දිගඇරලා තියාගෙන මැදැගිල්ලයි වෙදැගිල්ලයි නවා ගත්තා.. ඊට පස්සෙ ශාන්ගීට ඒක පෙන්නල පොත අරගෙන "මම ඔයාට ආදරෙයි" කියලා ලියලා පෙන්නුව ..මම එහෙම පෙන්නනකොට එයාගෙ ඇස් ලස්සනට දිලිසෙන හැටි මම දැක්කා.
YOU ARE READING
🏡The Abode of Destiny 🏡❤ zhanyi ff 💚( ongoing )
Fanfictionහැමදේම වෙන්නෙ හොදටයි කියනව නෙහ් 😌