2 කොටස

100 15 4
                                    

අවුරුදු 18 කට පසු (වර්තමානය )~

"සමාවෙන්න ! සමාවෙන්න ... අයින් වෙන්න ...සමා... ආහ් ! "

ඔව් .මේක මාලිගාවෙ සේවකයන්ට අලුත් දෙයක් නෙවේ . සෑම උදෑසනකම මෙලෙස භූමි වන්දනා කරන කුමරු වෙත සැම දෙනාගේම සිත් වල ඇති වූයෙ දුකකි.

" කුමරුනි ,ඔබ හොදින්ද ? " කටහඩේ අයිතිකරු අඳුනාගත් කුමරු කටහඩ අයිති කෙනා දෙස ඔලුව ඔසවා බැලුවේ මුවඟ තවරාගත් මද සිනහවකිනි .

" එසේය ,පාලිකාතුමියනි ." තමා ඉදිරියේ සිටි මැදි විය ඉක්මවූ පාලිකාව ට තවත් සිනහවකින් සංග්‍රහ කල ඔහු
නැගී සිටියෙ තම කබායෙහි සහ කලිසමේ තැවරුණු දුහුවිලි පිස දමමින් ය .

" ඔබතුමන් අදත් ප්‍රමාදයි .උත්තමාවිය කෝප ගෙන ඇති කුමරුනි ." ඈ පැවසුවේ කරුණාව පිරි දෑසින් කුමරු දෙස බලාගෙනය .

"ඈ සෑමවිටම කෝපයෙන් පසු වෙන නිසා ඔබ කම්පාවීමට අවශ්‍ය නැහැ . මා එය ගැන බලාගන්නම් .ඔබ කරදර විය යුතු නැහැ .

අම්ම්... පාලිකා හන්.. මම ...ඔබ .. ඔබට හැකිද... " තම අතැගිලි එකිනෙක පටලවන් ගොත ගසන කුමරු ගැන දන්නා පාලිකාව සිනාසී ඇය පිටුපස භාජනයෙන් ඇපල් ගෙඩි දෙකක් රැගෙන කුමරුන්ට දුන්නේ කුමරුගෙ කම්මුල් ලා රෝස පැහැයකට හැරෙනා විටදී මය .

" කුමරුනි ,ඔබ මට නමින් කතා කරන්නෙ ඔබට මේවා අවශ්‍ය නිසා බව මා දන්නවා . මැලි නොවන්න මේවා ඔබටයි මා නෙලාගෙන පැමිනියේ " ඇ පැවසුවේ සිහින් සිනාවක් පාමින් කුමරු ගේ හිස අත ගාමින් ය .

" ස්තූතියි පාලිකාතුමියනි .එසේනම් මා පිටව යන්නම් . යුව රජු දැනටමත් උද්‍යානයෙන් පිටව ගොස් ඇති . " පාලිකාවට හිස නමා අචාර කල ඔහු තමාට ලැබුනු එක් ඇපල් ගෙඩියක් කබා සාක්කුවෙහි ඔබා අනෙක් ගෙඩිය මුවෙහි ඔබාගත්තෙ මුළුතැන්ගේ ශාලාවේ සිට උද්‍යානය දෙසට හීයක වේගයෙන් දිව යාමට මත්තෙන් ය .

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdWhere stories live. Discover now